බියගම ශ්‍රී බෝධිධෘමාරාම විහාරස්ථානයේ පින් කැටය වෙසක් පොහොය දිනයේ ( 12 වැනිදා ) අලුයම කාලයේ කඩා එහි තිබූ මුදල් රැගෙන පලා යාමට තැත් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා බියගම පොලිසියට භාර දෙන ලදී.
මෙදින එම විහාරස්ථානය අසල පවත්වන ලද බත් දන්සලක සිටි පිරිසක් විසින් මෙය දැක ඔහු අල්ලා මෙසේ පොලිසියට හාර දි තිබුණේය.
එම පින් කැටය තුල රුපියල් තුන් දහසක් පමණ තිබෙන්නට ඇති බවට තමා අනුමාන කරන බව පැවසු විහාරාධිපති ශාස්ත්‍රපති බලංගොඩ සීලරතන හිමියෝ මේ සිද්ධිය සම්බන්ධව සුදුසු ආකාරයකට කටයුතු කරන ලෙසට තමා පොලිසියට දැන්වු බවද සදහන් කළහ.
එම සැකකරු ස්ථීර පදිංචි ස්ථානයක් සදහන් නො කරන අතර ඔහු වයස අවුරුදු 45 ක් පමණ වන පුද්ගලයෙකි.
මේ සිද්ධිය පිළිබඳව බියගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.