ජාතික තරුණ දිනයට සමගාමීව දිවයින පුරා යෞවන සමාජ 14033 ක් පිහිටුවීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ ජාතික තරුණ දිනයට සමගාමීවය.

අද  (23) සිට ජූලි 31 දක්වා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීම ආරම්භ කිරීමට නියමිත අතර ඒ අනුව දිවයින පුරා යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල 337 ක් යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක් පිහිටුවීමට නියමිතව ඇති බව ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පැවසීය.

ඒ පිළිබඳ අදහස් දැක් වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙහි දී මෙසේ ද පැවසීය.

මේ වසරේ අගෝස්තු 12 වන දින ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජාතික තරුණ සමුළුව පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ජාතික මණ්ඩලය පත් කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. 

යෞවන සමාජ (Youth Club)  මෙරට තරුණ තරුණියන්ට රජය සමඟ ගනුදෙනු කළ හැකි ප්‍රධාන ස්ථානය බවට පත් කරන බවත් ඒ හරහා තෘප්තිමත් තාරුණ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ පදනම සකස් කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න