මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ගැන ඔවුන් දැනුවත් කිරීම සහ කාලානුරූපව මහජනතාව වෙත ගෙන යා යුතු සෞඛ්‍ය දැනුම කඩිනමින් අඛණ්ඩව ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් :
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

මහජනතාව වෙත සෞඛ්‍ය සේවා පහසුකම් ලබා දීම,ප්‍රතිකාර කිරීම සහ රෝග නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙන්ම ලබාදෙන සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් දැනුම ලබාදීම මෙන්ම කාලානුරූපව අවශ්‍ය අවශ්‍යවන සෞඛ්‍ය දැනුම ලබාදීමට සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය කිරීමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එසේම සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ නවතම සෞඛ්‍ය දැනුම ජනතාව වෙත සමීප කරවීම අවශ්‍යය.
එදිනෙදා මාධ්‍යයේ පලවන ප්‍රවත්ති හා තොරතුරු සම්බන්ධයෙන් අවදියෙන් සිටිමින් ජනතාව නොමග යවන හා වැරදි සෞඛ්‍ය තොරතුරු පිලිබඳ විමසිල්ලෙන් විමසා ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීම වැදගත් ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවත්ති හා ප්‍රචාරණ අංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා ඇතුළු අංශයේ නිලධාරීන් ,මාධ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිසක් සමග මීට සුළු මොහොතකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වූ සාකච්ජාවකදී මේ බව ඇමතිවරයා පැවසීය.
තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ වඩාත් විධිමත්ව හා තවත් සංවිධානාත්මකව සුව උදාන ජංගම සෞඛ්‍ය සායන ඈත ගම්මානවල මෙන්ම අතිශය කාර්ය බහුල ජීවිත ගත කරන රාජ්‍ය සේවකයින් රාජකාරි කරන ස්ථානවලද මෙම සායන පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධාන කරන්නැයි තමා යෝජනා කරන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබූ පසුව අහෝසි කරන ලද මහජනයාට සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් කිරීමට සකස්කර තිබූ පැමිණිලි අංකය (1907) සහිත පද්ධතිය යලි ස්ථාපිත කිරීම,සෞඛ්‍ය අමාත්‍යවරයා ,ලේකම්වරයා ඇතුළු ඉහල පෙලේ නිලධාරීන් එක්වන සතිපතා පැවැත්වෙන සෞඛ්‍ය මාධ්‍ය හමුවක් පැවැත්වීමේ අවශ්‍යතාව නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවත්ති හා ප්‍රචාරණ අංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම්වරයා හා එම.නිලධාරීන් මාධ්‍ය ලේකම්වරයා හා ඒ ඒ විෂයයට අදාල වන අවස්ථා වලදී තාක්ෂණික සම්පත් දායකයින්ද සම්බන්ධ කර ගනිමින් දිනපතාම මාධ්‍යයේ පලවන සෞඛ්‍ය තොරතුරු හා ප්‍රවත්ති සම්බන්ධයෙන් දෛනික සමාලෝචනයක් සිදු කිරීමද අවශ්‍ය බවත් එමගින් මහ ජනතාව වෙත නිවැරදි සෞඛ්‍ය පණිවුඩ ගෙනයාම තහවුරු කිරීම සිදු කල හැකි බවත් අවධාරණය කෙරින .

අලුත් සුව

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න