නමුත් ඇතුලතින් මහා යුද්දෙක හෙතෙම නිරත වෙලා ඉන්නවා , ඒ යුද්ධය තමයි ප්‍රඥ්ඤාව සහ විඥ්ඤානය අතර යුද්ධය , ප්‍රතග්ජන ස්වභාවයේ පසුවෙද්දි විඥ්ඤානයෙන් හැම දේම තීරනය උනාට දැන් විඥ්ඤානයේ තීරන පිලබදව ප්‍රඥ්ඤාවට වැටහෙනවා , සමහර තීරන වලට ප්‍රඥ්ඤාවෙන්ම විසදුම දීලා විඥ්ඤානයට ඉඩ නොදී ඉන්නවා , සමහර තැන් වලදි විඥ්ඤානයට ඉඩ දෙන්න උනත් ප්‍රඥාවෙන් තේරෙනවා කරපු වැඩේ ,ඔන්න ඔය වගේ එකම පුද්ගලයෙක් ඇතුලින් මහා සටනක් කර කර දහම් අවබෝදය තුලින් ටික ටික නිවෙනවා ,අන්න ඒ ටික ටික නිවෙන ස්වභාවයට නිවන් සුවය කියනවා 🙏🏻