ඩෙංගු අධි වසංගතයක් බවට පත්වීම වැළැක්වීමට නූතන තාක්ෂණය යොදා ගත යුතුයි යැයි සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
ඩෙංගු සහ චිකුන්ගුන්යා පැතිරීමේ බරපතල අවදානමක් මේ වන විට රට හමුවේ ඇති බව ද ඔහු කීය.
මෙම වසරේ ජනවාරි මස 01 වන දා සිට ගත වූ සති 17 ක කාලය ඇතුළත මෙරටින් ඩෙංගු රෝගීන් 18749 ක් වා ර් තා වී තිබෙන බවත් කඩින්කඩ පවතින ව ර් ෂාව හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවධානමක් පැවතිය හැකි බව ද ඔහු කීය.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනයට හා පාලනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ගෙන තිබුනත් එය කිසිසේත්ම ප්‍රමානතවත් නොමැති බව ද ඔහු කීය.
කළුතර,මාතර,ගාල්ල,මාතලේ,මඩකලපුව,රත්නපුර,ත්‍රිකුණාමලය,මහනුවර, කොළඹ,ගම්පහ, යන දිස්ත්‍රික්ක අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති හෙයින් මෙම මාසය (මැයි) විශේෂ මදුරු මර්දන මාසය ලෙස නම්කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ එම නිවේදනයක් නිකුත් කර ඇති බව ද ඒ මහතා කීය.
බී.ටී.අයි බැක්ටීරියාව යොදා ගැනීම ප්‍රමාද කිරීමක් තුළ යම් කුමන්ත්‍රණයක්ද ? තිබේ ද යන්න සැකයක් මතුව ඇති බවද ඔහු කීය.
වසර තිහක් පුරා ඩෙංගු පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වුණේ ඇයි? යන්න සොයා බලා විද්‍යාමක පියවරක් ගත යුතුව ඇති බවද හෙතෙම පැවසීය.
මේ අනුව මේ වන විට සෑම වසරකම රට පුරා වසංගත අවස්ථාවන් බවට පත්ව එය ඉක්මවා අධි වසංගතයක් බවට ව්‍යාප්ත වී විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් කරන ඩෙංගු රෝගී තත්ත්වය පාලනයට වසර තිහකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට සෞඛ්‍ය පද්ධතිය අසමත්ව ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.
ඩෙංගු රෝගය නිසා මේ වන විට සෑම වසරකම ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අසාධනය වී සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් මිය යාම අඛණ්ඩවම දැකිය හැකි බවත් කොවිඩ් වසංගත අවස්ථාවේ දී හැර අනෙක් සෑම අවස්ථාවකදී ම මෙරට සෞඛ්‍ය පද්ධතියට ඩෙංගු රෝග ව්‍යාප්තිය බරපතළ ගැටලුවක් වූ බව ද ඔහු සඳහන් කළේ ය.
රෝගය ව්‍යාප්ත වන අවස්ථාවේ දී රෝගය වළක්වා ගැනීමට ඩෙංගු මදුරුවන් සහ කීඨයන් සොයා ගන්න ආදේශන කටයුතු සිදු කිරීමත් ක්‍රියාත්මක කරන අතර ඒ වන විට තත්ත්වය සීමාව ඉක්මවා ව්‍යාප්තවීම නිසා රෝහල් ගත වන පිරිස් වල වැඩ වීමක්ද දැකිය හැකි බව ඔහු පවසයි.
මේ වන විට දිවයිනේ දිස්ත්‍රික දහයකට ආසන්න ප්‍රමාණයක ඩෙංගු රෝගී තත්ත්වය ව්‍යාප්තියක් දැකිය හැකි අතර සැලකිය යුතු ප්‍රමාණයක් රෝගී ගොදුරු බවට පත්ව ඇති බව ද ඔහු කීය.
ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා රෝගය බෝ කරන මදුරුවන් මර්දනයට බී.ටී.අයි නමැති බැක්ටීරියාව යොදාගැනීම ගැන අවස්ථාව කීපයකදීම මෙරට සෞඛ්‍යා පද්ධතියේ උනන්දුවක් දක්වන ලද නමුත් ඒවා සියල්ල තාවකාලික මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමා වීම කනගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේ ය.
මේ තත්ත්වය පාලනය කොට රෝගය සහමුලින්ම තුරන් කිරීම සඳහා දියුණු තාක්ෂණික ක්‍රම කෙරෙහි මෙරට සෞඛ්‍ය පද්ධතිය දැන්වත් අවධානය යොමු කළ යුතු බව කියා සිටි යේ ය.
බී.ටී.අයි බැක්ටීරියාව හරහා ඩෙංගු මදුරු ගහනය පාලනයට අවශ්‍ය කරන මූලික මට්ටමේ අධීක්ෂණ කටයුතු අවසන්ව ඇතත් රාජ්‍ය ආයතන අතර පවතින කඹ ඇදීමේ හා නිලධාරින් මේ කෙරෙහි දක්වන අඩු උනන්දුව නිසා ම නවීන තාක්ෂණික ක්‍රම යොදා ගැනීම දැඩි ලෙස පසුබා ඇති බව කීය.
මේ තත්ත්වය කෙරෙහි රටේ ජනාධිපතිවරයාගේ සෘජුව අවධානය යොමු කොට අදාළ රටවල් සමඟ සාකච්ඡා කොට නිසි ප්‍රසම්පාදනය යටතේ දියුණු තාක්ෂණික ක්‍රම ඩෙංගු මර්දනයට ගෙන ඒම කඩිනම් කළ යුතු බව ද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.