ජුලියස්ගේ කැලැන්ඩරයට අනුව කතෝලික ජනතාවගේ දුක්කදායි සතියක් වන පාස්කු සතිය තුළ, සිංහල දෙමළ අලුත් අවුරුදු යෙදෙන නිසා ඉදිරියේදී අපිට අවුරුදු සමරන්න වෙන්නේ නැහැ.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට අදාලව රාජ්‍ය උත්සවය නොපැවැත්වීමෙන් ,
සිංහල දෙමළ අලුත් අවුරුදු සඳහා ජ්‍යයේ ප්‍රධානීන් සහභාගී නොවීමෙන්,
සිංහල දෙමළ අලුත් අවුරුද්දට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදීමෙන්,
රජය සහ ආණ්ඩුව එම මෙහෙයුම ආරම්භ කළා.

මෙම ගැටුම අතික්‍රමණය කිරීමට ඇති නිවැරදිම සහ හොඳම උපක්‍රමයත් සිංහල ගණිත චන්ද්‍ර සූර්ය දින දර්ශනය අනුව අපගේ අලුත් අවුරුද්ද උදාකර ගැනීමයි.

ඒ සඳහා පෙළ ගැහෙමු.
සැලැස්මකට අනුව එකතු වී තම තමන්ගේ දායකත්වය ලබා දෙමින් වැඩ කරමු.

ඒ ඔස්සේ නැවතත් අපි අපේ සංස්කෘතීන් සභ්‍යත්වයන් ශිෂ්ඨාචාරයන් ගොඩනඟමු.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න