තැන තැන මාධ්‍ය සාකච්ඡා පවත්වා අසත්‍ය ප්‍රචාරය කරනවා වෙනුවට මුහුණට මුහුණ සාකච්ඡාවකට එන්න යැයි තමා ජනමාධ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ්‍ය සෞඛ්‍ය බලධාරිනට අභියෝග කරන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

තනියම එන්න බය නම් නියෝජ්‍ය ඇමති හා අමාත්‍යංශ ලේකම්වරු අධ්‍යක්ෂ ජනරාල්වරු සියල්ල සමඟ විවෘත්ත මාධ්‍ය සාකච්ඡාවකට එන්න යැයි ඒ මහතා කීය.

බෙහෙත් හිඟය ඉහළට ! ඉන්දියාවෙන් පැමිණෙන ඖෂධ ගැන වගකීම කාටද?  දෙවන කෙහෙළිය යුගයක් උදා නොවීමට සෞඛ්‍යයට වග කියන ඇමතිවරයෙක් සහ ලේකම්වරයෙක් අවශ්‍ය බව ද ඒ මහතා පැවසීය.

රට තුළ නැවත දෙවන කෙහෙළිය යුගයක් උදා නො වීමට මහජනතාවට හා සෞඛ්‍ය සේවයට වග කියන ඒ වෙනුවෙන් සම්පූර්ණ වශයෙන් කැප වුණු ස්ථීර සෞඛ්‍ය අමාත්‍යවරයෙක් සහ සෞඛ්‍ය ලේකම්වරයෙක් කඩිනමින් අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.

අද වන විට ඖෂධ හිඟය දිනපතා වැඩි වන බවත් රෝහල් පද්ධතිය තුළ ඉතා අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් ය.

එසේම මෙම ඖෂධ හා ශල්‍ය උපකරණ ප්‍රාදේශීය මිල දී කිරීම් හරහා රෝහල් පද්ධතියට එකතු කර ගැනීමෙන් මාසික හා  වාර්ෂිකව අධික රාජාලාභයක් සිදු වන බව ජනාධිපතිවරයා නො දන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේ ය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ජනමාධ්‍ය සාකච්ඡා පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයට උත්සාහ කරන්න ලද අතර දැන් ඒ තත්ත්වය නැවත දැකිය හැකි බව ද චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් ඒකකය ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අකාර්යක්ෂම සහ දුර්වල පරිපාලනය නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේ දී බාල ඖෂධ හා ප්‍රශ්න සහගත ටෙණ්ඩර් ගනු දෙනු සිදු වූ අන්දම  ඔහු සිහිපත් කළ අතර නිලධාරීන් ලබා දෙන අසත්‍ය තොරතුරු මත සෞඛ්‍ය පරිපාලනයට ගොස් කෙහෙළිය රඹුක් කරලා අමාත්‍යවරයාට සිදු වූ විනාශය වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශයට ද සිදු වෙමින් පවතින බව ඔහු අවධාරණය කළේ ය.

සෞඛ්‍ය සම්බන්ධ රාජ්‍ය ආයතන ඍජු තීරණ නො ගැනීම නිසා සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන බවත් එමගින් සරණ වන්නේ සාමාන්‍ය මහජනතාව බව ද ඔහු පෙන්වා දුන් අතර අද වන විටත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ බොහෝ ඔසු සැල් තුළ සාමාන්‍ය රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නොමැති වීමෙන් ඔවුන් පීඩාවට පත්වන බව ද ඇතැම් රාජ්‍ය ඔසු සැල් පාඩු ලබන බව ද ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍ය ප්‍රශ්නය ගැඹුර නිසි පරිදි විශ්ලේෂණය කරනවා වෙනුවට මාධ්‍ය සාකච්ඡා හරහා සත්‍ය යටපත් කිරීමට උත්සාහ ගැනීමෙන් සෞඛ්‍ය අර්බුදය නොවි සෙන බව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා අවබෝධ කර ගත යුතු බවත්, මේ තත්ත්වය මග හරවා ගැනීම සඳහා සෞඛ්‍ය විෂය ගැන ප්‍රායෝගික අවබෝධයක් සහිත, පූර්ණ කාලීනව සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ හැකි නම්‍යශීලී ලෙස ප්‍රශ්න වලට සවන් දෙන අමාත්‍යවරයෙකු කඩිනමින් පත්කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් වර්තමාන රජය කෙරෙහි මහජන අප්‍රසාදය වැඩි වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තුළ බොහෝ නිලධාරීන් ජු තීරණ ලබා ගැනීමට දක්වන පසු ගාමිත්වය නිසා සෞඛ්‍ය සේවාවේ දැඩි ගැටලු නිර්මාණය වී ඇති බව නිරීක්ෂණය වන බැවින් අමාත්‍යාංශ දෙකකට වග කියන ලේකම්වරයෙකු වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පූර්ණ කාලීන වගකියන ලේකම්වරයෙකු පත් කිරීමටත්, ඔහු සෞඛ්‍ය සේවාව සම්බන්ධ සෘජු තීරණ ලබා ගන්නා පුද්ගලයකු වීමත් වැදගත් බව ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරන බව ද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න