ගැරඬිඇල්ලේ බස් අනතුරින් රෝහල් ගත කළ කිහිප දෙනෙකුගේ තත්ත්වය බර පත බව රෝහල් ආරංචි මර්ග සඳහන් කරයි.
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ අනුව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.
අනතුරින් තුවාල ලැබුවන් කොත්මලේ, නාවලපිටිය, නුවරඑළිය, ගම්පොළ පේරාදෙණිය, මහනුවර රෝහල් වලට ඇතුලත් කර තිබිණි.
කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනයවී ප්‍රපාතයකට පෙරළුණේ පුද්ගලයින් 22දෙදෙනෙකුට දිවි අහිමි කරමිනි.
අනතුරෙන් තුවාල ලැබූවන් අවට රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සියලු දෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
නාවලපිටිය රෝහලේ මේ වන විට රෝගීන් 5දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ගම්පොළ ශික්ෂණ රෝහලේ රෝගීන් 22 දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.
නුවරඑළිය මහරෝහලේ මේ වන විට 15 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.