ජාතික තරුණ සේවා සභාව විසින්  තරුණ්‍යය පිඩාවෙන් මුදාගැනිමේ  තේමාව යටතේ  ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ පැවති ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ  සංගිත ප්‍රසංගය  වෙනුවෙන් රුපියල් තුන්කෝටි දාහතරලක්ෂ,දාහත්දහස් හත්සියහැත්තැඅටක මුදලක් (31,417,778 )  වැයකොට  ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම  විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත

2024  පූර්ව ජනාධිපති මැතිවරණ සමය වු 2024.06.14 හා 2024.06.15 යන දෙදින තුල  මෙම ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ  සංගිත ප්‍රසංගය පවත්වා  තිබුණි.  මේ සදහා  අමාත්‍ය මණ්ඩල සංදේශ අනුමැතිය ලැබිමට පෙර   හා අමාත්‍ය මණ්ඩල තිරණය  ජාතික තරුණසේවා සභාවට  දැනුම් දිමට පෙර ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ  සංගිත ප්‍රසංගය පවත්වා තිබුණි.අමාත්‍ය මණ්ඩල සංදේශය  සදහා  2024 ජුලි මස 15 වැනිදින  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දි තිබු අතර  ඒ බව 2024  ජුලි මස 23 වැනිදින  ජාතික තරුණසේවා සභාව වෙත දැනුම් දි තිබුණි.

 එමෙන්ම  මෙහි ඉදිකරණු ලැබු  ප්‍රදර්ශන කුටි ප්‍රමාණය, ඒ සදහා දරනු ලැබු වියදම  එමගින් ලැබු ආදායම පිළිබදව  තොරතුරු විගණනය වෙත  ඉදිරිපත්කොට නොතිබුණි. කෘෂි අංශය විසින්  රුපියල් මිලියන 2.22ක මුදලක් වැයකර  සකස්කරණු ලැබු පොලිටනල් කුටිය මගින්  පාඨමාලා සදහා ලියාපදිංචිකරගත්  සිසුන් සංඛ්‍යාව  ඒ අනුව සිදුකරණු ලැබු බදවා ගැනිම් පිළිබද තොරතුරු විගණනය වෙත ඉදිරිපත්කොට නොතිබු බවද මෙම විගණන වාර්තාවේ සදහන් වේ..

තාරුණ්‍යය පිඩාවෙන් මුදාගැනිමේ වැඩසහන් තුල ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින්  අනුමතකර  නොතිබු මානසික සුවතා වැඩසටහනක් ලෙස  සිහිනය වැඩසටහන  හිටපු ක්‍රිඩා හා යෞවන කටයුතු  අමාත්‍යවරයාගේ ලිඛිත ඉල්ලිම මත මෙහි පවත්වා තිබුණි. මේ සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 1.9කි.  එම වැඩසටහන සදහා අමාත්‍ය මණ්ඩල  හෝ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය  ලබාගෙන නොතිබුණි.  මෙම වැඩසටහන් සජිවි ලෙස පටිගත කොට තිබුනද එම  විඩියෝ පටි ජාතික තරුණසේවා සභාව සතුව  නොතිබු අතර  එවා විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබුණි.

මෙම වැඩසටහන් සදහා  භාණ්ඩ හා සේවා සපයාගැනිමේ දි විධිමත් ක්‍රම වේදයෙන් බැහැරව ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපති හා ඔහුගේ කාර්යාලයෙන්  සියලු කටයුතු කිරිම හේතුවෙන්  විනිවිදභාවයකින් තොරව ප්‍රසම්පාන කටයුතු සිදුකර ඇති බවද විගණන  වාර්තාවේ සදහන් වේ.තරුණයන්ගේ දැනුම කුසලතා  නැංවිම  ඔවුනට ශිල්පිය දැනුම ලබාදිම  සදහා පුහුණු කටයුතු සිදුකර  ජාතික ආර්ථිකයට දායකවිමට  අවස්ථාවක් සැලසිම සදහා  භාණ්ඩාගාර ප්‍රතිපාදන උපයෝගිකරගැනිම  වෙනුවට  හුදෙක් රසස්වාදනය  ලබාදිම සදහා ප්‍රදර්ශන  හා සංගිත ප්‍රසංග පවත්වා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම  ජාතික අයවැය චක්‍ර ලේඛය මගින්    අරපිරිමැසුම්දායක ලෙස  රජයේ වියදම්  දැරිමත්, වියදම්  අවම කිරිම  කටයුතු කළයුතු බවට  දන්වා තිබුනද   ජාතික තරුණසේවා සභාව විසින්  එම   චක්‍ර ලේඛන   උල්ලංගණය කරමින් කටයුතු කර ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න