ගල්කිරියාගම පහමිණියා ගම සිරිසදහම් විහාරස්ථානයේ අභීනවයෙන් ඉදි කළ තෙමහල් ධාතු මංදිරය බිඳ එහි තැන්පත් තිබූ කරඬූන් වගන්සේ සහ මංජුසාවක බහා තිබූ බව කියන කුඩා ප්‍රමාණයේ මැණීක් ගල් දහබ්නවයක් සමග මුදල් සොරකම් කර රැගෙන යාමේ සිද්දියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
විචිත්‍ර ධර්ම කථීක පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනඟන ලද එම විහරස්ථානය උන්වහන්සේ වර්තමානයේ වැඩ වසන විහාස්ථානය ද වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණීල්ලක් අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.
(07) රාත්‍රීයේ පැමිණ ඇති කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් ධාතු මංදිරයේ ජනේලයක් ගලවා ධාතූ මන්දීරය තුළට ඇතුලුවී ඇති බව පොලීසිය පවසයි.
එම ධාතු මන්දිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස කඩා එම සොරකම සිදුකර තිබිණි.
කරඬූන් වහන්සේ තුළ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණීක් ගල් 19ක් මෙලෙස එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් ඇත.
තවද එම ධාතු මංදිරය තුළ තිබූ මුදල් සහිත පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කර ගෙන ගොස් ඇති බව විමර්ශනවලිදී අනාවරණය වී ඇත.
එම අභීනව තෙමහල් ධාතු මංදිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධීපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවකි.
සිද්දියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් පුළුල් විමර්ශණයක් හා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පොලිස් ස්ථානීය ඒකකය මගින් සහ ගල්කිරියාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබේ.