ලංකාවෙන් දකුණු කොරියාවට මත්ස්‍ය අපනයනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීමේ දැවැන්ත සැලසුමක් සකස් කෙරේ.
ධීවර ජලජ සම්පත් සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සහ දකුණු කොරියානු ආයෝජන සමාගම් රැසක් එක්ව මෙම දැවැනත් ව්‍යාපෘතිය සකස් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කිරීම මෙහි අරමුණ බව ධීවර ජලජ සම්පත් සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
මෙරටින් දකුණු කොරියාවට දැනට සිදු කෙරෙන මත්ස්‍ය අපනයනය වැඩි කිරීම මෙන් ම විශේෂයෙන්ම blast freez කිරීම මඟින් (-20°C) ශීත කළ තත්ත්වයෙන් අපනයනය කරනු ලබන මසුන් සඳහා කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බව ද ඒ මහතා කීය.
ඉදිරියේ දී දේශීය මිල ගණන් ගැලපීමෙන් අනතුරුව ලංකා ධීවර සංස්ථාව (CFC) සමඟ එක්ව මෙම අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කීය.
එමෙන්ම දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ රැකියා සම්බන්ධයෙන් පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන බවද ඔහු කීය.
දැනට E-9 වීසා යටතේ පිටත්ව යන බොහෝ දෙනා වෙරළ බඩ ප්‍රජාවන්ට අයත් නො වීම හේතුවෙන් ඔවුන් රැකියා අත්හැර නීති විරෝධී ලෙස රැඳී සිටීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව ද ඇමති වරයා කීය.
මෙම තත්ත්වය අවම කිරීම සහ ධීවර ක්ෂේත්‍රයට වඩාත් ගැළපෙන පුද්ගලයින් යොමු කිරීමේ අරමුණින් ධීවර පවුල්වල තරුණ තරුණියන් සඳහා දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ ස්ථාවර රැකියා අවස්ථා උදා කර දීම ද පෞද්ගලික ආයෝජකයින් රටට එක් කර ගන්නට ද සැලසුම් සකස් කරන බව ද හෙතෙම කීය.
ලංකා ධීවර සංස්ථාවේ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉහළ තාක්ෂණය හා ධාරිතාවයකින් යුත් නෞකා කිහිපයක් ලබා දෙන ලෙස අදාළ කොරියානු ආයතනයෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා සතුටු වියහැකි ප්‍රතිචාරයක් ලැබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.
දකුණු කොරියානු ආයෝජක සමාගම් සමග කළ සාකච්ජා සා ර් ථක වූ බව ද ඇමති වර යා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.