තමා සේවය කරන ආයතනය තුල දී සිදුවූ බලහත්කාර ලිංගික හිංසනය සම්බන්ධයෙන්  කටාන පොලිසියට කල පැමිණිල්ලට සාධාරණය ඉටු නොවූ බව පවසමින් සිද්ධියට මුහුණ දුන් තරුණිය 17 වනදා කොළඹ  ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි ළමා හා කාන්තා කාර්‍යංශ මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කලේ ය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ තමන් මුහුණ දුන් අකාරුණික සිදුවීම පිලිබදව අදහස් දැක්වූ තරුණිය මෙසේ පැවසීය.

මේ සිදුවීම උනේ පසුගිය  6වෙනිදා.හරියටම මැතිවරණය පැවති දවසෙ.

ආයතනයේ  පරිපාලනය එක්ක ගිහින් අපි කටාන පොලිසියට මේ ගැන පැමිණිලි කරා.එතෙන්දි මගේ පැමිණිල්ලට අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු උනේ නැති නිසා මම අද පොලිසියේ  ළමා හා කාන්තා කාර්‍යංශයේ මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්  කරා.මට ලොකු විශ්වාසයක් ඇති  උනා මේ ස්ථානයෙන් සාධාරණ  පරීක්ෂණයක් කෙරෙයි කියලා.

මම  හයේෂිකා ගුරුමහත්මිය යටතේ බහුකාර්‍ය  ලිපිකාරිනියක් වශයෙන් සේවය කරනවා.සිද්ධිය උනු පහුගිය 6 වෙනිදා දවසෙ මට පැවරිලා තිබුනේ රාත්‍රී 7.00 ත් 9.00 අතර පැවැත්වෙන ඔන්ලයින්  ඉංග්‍රීසි ක්ලාස් එකේ වැඩ.ස්ටුඩියෝ එක තියෙන්නෙ ආයතනයේ  තුන්වෙනි තට්ටුවෙ.

 ආයතනයේ පටිගතකිරීමේ ශබ්දාගාරයේ සේවය කරපු රිතික් රිෂාන් අගලවත් වයස අවුරුදු  21ක කෙනෙක්.

ආයතනය  තුලදි සිදු වෙච්ච විනය විරෝධී  හැසිරීම් සම්බන්ධයෙන්  චෝදනා කීපයක්  නිසා එයාට රැකියාවෙන් ඉවත්වෙන්න කියලා ආයතනයේ  පරිපාලනය විසින් දැණුම් දීලා තිබුනා.ඔහු වෙණුවට ශබ්ඳාගාරයේ සේවය කිරීම මට පැවරුවා.ඒ සදහා අවශ්‍ය කරන දැණුම හා අදාල ලිපිලේඛන ගබඩා කර ඇති  ස්ථාන ආදිය සම්බන්ධයෙන්  මා දැණුවත් කරන ලෙස එදින ඔහුට දැණුම්දී තිබුනා.

එදින රාත්‍රී උපකාරක පංතියේ  පටිගතකිරීම් නිමාවන විට රාත්‍රී  9.30 පමණ උනා. මුල පටන් මේ තරුණයා ගේ හැසිරීම පිලිබදව  මම කල්පනාවෙන් හිටියේ.පරිඝණකයේ මව්ස් එක වෙණුවට ඔහු කීපවරක් මගේ අතින් ඇල්ලුවේ.අවසානයේ ශබ්ඳාගාරයේ විදුලි පහන් නිවා දැමීමෙන් පසුව ඔහු මාව වැරෙන් බඳා ගෙන මාව එයාගෙ ළගට ඇදලා අරගෙන සිප ගන්න හැදුවා මගේ ඉන ප්‍රදේශයෙන් පහත  අතපත ගෑමට උත්සාහ ගනිද්දි මම උපරිම වැර යොදලා අමාරුවෙන් ඔහුගෙන් ගැලවිලා පහලට දුවගෙන ගියා. පඩිපෙල ලගදි මට ගිහාන් සර්ව  මුණගැහුනා. සර් ඇහුවා ඇයි කලබලෙන් කියලා. මම සිද්ධිය ගිහාන් සර්ට කිව්වා. ඊට පස්සෙ තමයි පරි පාලන අංශයේ  නිලධාරීන්ට මේ ගැන පැමිණිලි කරේ.

ඒ වෙලාවෙ හයේෂිකා මැඩම් ඔන්ලයින්  ක්ලාස් එක ඉවර වෙලා එයාගෙ ශබ්දාගාරයෙන් එළියට ඇවිත් ඉද්දි තමයි  එතුමියට මේ සිද්ධිය දැණුම්දී තිබුනේ.

මැඩම් ඇවිත් මගෙන් ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා. මම තමයි  කිව්වෙ පොලිසියට  පැමිණිලි කරන්න ඕනේ කියලා.ඊට පස්සෙ ආයතනයේ  වාහනේකින්  රිතික් සරුත් මමත් එක්ක මැඩම්ලා කටාන පොලිසියට ආවේ.

මගේ පැමිණිල්ල සටහන් කර ගත්තට පස්සෙ  පොලිසියෙන් අපිට යන්න කිව්වා.ඊට පස්සෙ තමයි අපිට ආරංචි උනේ ආයතනයේ දී පහර දීමක් උනා කියලා රිතික් සර් මීගමුව රෝහලට ඇතුලත් කරපු බව.

ඊට දවස් දෙක තුනකට පස්සෙ ආයතනයේ නිලධාරීන් හතර්දෙනෙක්ට කටාන පොලිසියට එන්න කියලා තිබුනා ප්‍රකාශයක් සටහන් කර ගන්න කියලා.ඊට පස්සෙ තමයි  ඒ අය අත් අඩංගුවට  අරන් තිබුනේ.

මේ වෙලාවෙ ආයතනයේ  කවුරුවත් මේ තැනැත්තාට පහර දීමක් කරේ නැහැ.හයේෂිකා මැඩම් කලබලේට දාගෙන ඇවිත් තිබුනේ  එයාගෙ දුවගෙ රබර් සෙරෙප්පු දෙකක්.ඒ උනාට සැකකරු පැමිණිලි  කරලා තිබුනේ මැඩම් අඩිඋස සෙරෙප්පු  දාලා පයින් ගැහුවා වෘෂණ කෝෂ තුවාල උනේ ඒකෙන් කියලා.නමුත් මේක විශාල බොරුවක්.මේ පුද්ගලයා  රෝහලෙන් රෝහලට මාරුවෙමින් නේවාසික උනේ  ඩෙංගු රෝගය නිසා කියලා රෝහල් ආරංචි මාර්ග වගේම මාධ්‍ය වාර්තා කරලා තිබුනා.මේ වගේ ලිංගික හිංසන මේ රටේ තවත් තරුණියකට  සිදු නොවිය යුතුයි ඒ නිසයි මම සාධාරණය  ඉල්ලලා පොලිසියට ගියේ.නැත්නම් යන්නෙ නෑ.මොකද අවිවාහක තරුණියක් වශයෙන් ජීවිතේ කිසිම දවසක පොලිසියකට නොගිහිපු මම  මගේ නම පොලිස් පොතේ ලියා ගන්න කීයටවත් කැමති නැහැ.

මේ තරුණයාට පහර දීමක් සිදුවී තිබුනා නම් කොහොමද අපි ආයතනයේ  වාහනයෙන්ම කටාන පොලිසියට ගියේ.එහෙම නම් ඒ තරුණයා පහරකෑමට ලක්වෙලා අපහසුවෙන් සිටිය  යුතුයි නේ.මේක සම්පුර්ණයෙන් අසත්‍ය චෝදනාවක්.සත්‍ය මිස බොරුව කවදාවත් ජය ගන්නේ නැහැ. නීතියෙන් සාධාරණය  ඉටු වෙන තුරු මම බලන් ඉන්නවා යැයි ඇය පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකීමක් තමාට නොමැති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව තමා ණයවර ලිපි සඳහා මුදල් නිකුත් කළ බවට සැකකාර පුද්ගලයා පවසන නමුත් ඔහුට එවැනිනක් කීමට හැකියාවක් නොමැති බවත් මෙම සිද්ධිය කෘෂිකර්ම රාජ්ය  අමාත්ය වරයාගේ පිට පැටවීමට ඔහු උත්සාහ ගන්නා නමුත් එවැනි කතාවක් කීමට ඔහුට හැකියාව නොමැති බවද අධ්යාක්ෂකවරිය සඳහන් කළාය.

අශ්වයා ගියාට පස ස්තාලය වසා වැඩක් නොමැති බවත් හිටපු කෘෂිකර්ම අමාත්යරවරයා වශයෙන් එම සිද්ධියට අදාළව ඔහුට විශාල වගකීමක් පැවරී තිබෙන බවද ඇය සඳහන් කළාය. එහිදී අධ්යසක්ෂකවරිය මෙසේද පැවසුවාය.

ස්වාමිනී, සිද්ධියට අදාළ චීන සමාගම හා  ලංකා පොහොර සමාගම් අතර ගිවිසුමක් ඇති ඇතිකර ගන්නවා, ඒ අනුවයි පොහොර ලංකාවට ගෙන එන්න කටයුතු කර ති⁣බෙන්නේ. නමුත්ලංකාවේජාතිකශාකනිරෝධායතනආයතනයමගින්ගෙන්වීමටනියමිතපොහොරසාම්පල්පරීක්ෂාවටලක්කරතිබෙනවා, ඒ අනුව පළවෙනි සාම්පල් එකේ ප්රගතිඵලය 208  දින ලබා දෙනවා,ඒ වාර්තාව අනුව එම පොහොර තොගය ප්රළමිතියෙන් තොරයි, ලංකාවේ පරිසර පද්ධතියට හානිවන කශුද්රු ජීවීන් එහි අඩංගු බවට එම වාර්තාවෙන් පෙන්වලා දීලා තියෙනවා,

ඒ බව දැනගෙන පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් ප්රඑශ්නගත පොහොර නැව ගෙන්වීමට නිකුත් කළ ණයවර ලිපි අත්හිටුවා තිබෙනවා, ඒත් ස්වාමීනී මෙම සැකකරු 2021/9/16 වන දින හදිසි රැස්වීමක් කැඳවා පොහොර සමාගමේ සභාපතිවරුන් දෙදෙනාට ණයවරි ලිපි මුදා හරින ලෙස බලකර තිබෙනවා, ස්වාමීනී මොහු ඒ දෙය කර තිබෙන්නේ ශ්රී  ලංකා මහා බැංකුවෙන් කෝටි 130 ක මුදලක් ලංකා රජයට අහිමිවන බව දැන දැනමයි.

ස්වාමීනී, පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරු දෙදෙනා දිවුරුම් ප්රලකාශයක් මගින් ප්රාකාශ ලබා දෙමින් කියා සිටිනවා ඔවුන්ට මෙම සැකකරු බලපෑම් කළා කියලා. ජාතික ශාක නිරෝධායතනය මෙම පොහොර තොගයේ දෙවන සාම්පලයක් පරීක්ෂාවට ලක් කිරීමට 2021/9/23 සූදානම් කර තිබෙනවා,එම වාර්තාව 2021/9/27 ලබා දෙන බව පවසා ඔවුන් පවසා ඇති නමුත් මෙම සැකකරු ඒ දවස් දහය ඉවසා නොසිට ණයවර ලිපි නිකුත් කරගන්න අවශ්ය  නිසා 2021 සැප්තැම්බර් මස 16 දින රැස්වීම කැඳවලා ඔහු දැන දැනම මෙම අපරාධය කරලා තියෙන්නේ,

ස්වාමීනී එම රැස්වීමේදී පොහොර සමාගම් දෙකේ සභාපතිවරු” ණයවරි ලිපි මුදාහරින්න බෑ කියල ප්ර තික්ෂේප කරලා තියෙනවා ඔවුන් කියලා තියෙනවා , මේක කරන්න බැහැ අපිට පාඩු වෙනවා කියලා ඒත් ස්වාමීනි මෙම සැකකරු ඔවුන්ගේ අකමැත්ත තිබියදී 17 වෙනිදා වන විට ණයවර ලිපි නිකුත් කරනවා.

මෙම විමර්ශනය තවම අවසන් නැහැ  මොහුට අප ලබා දුනහොත් අදාල  පොහොර සමාගමේ සභාපතිවරුන්ට ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා.

සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය පෙනීී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට කරුණු දැක්වමින් මෙසේ පැවසීය.

” ස්වාමීනී  සිද්ධියට සම්බන්ධව  මගේ සේවා දායකයාට අල්ලස් කොමිසම විසින් 9 වැනි දින ලියුමක් එවලා තිබුණා , 14 වෙනිදා ප්රයකාශයක් ලබා දෙන්න, එදාට මගේ සේවා දාකයාට පැමිණීමට නොහැකි බව මගේ කනිෂ්ඨ නීතිඥවරු මාර්ගයෙන් දන්වලා තිබුණා, එදාම අපි ප්රීතිශෝධන ඇප අයදුම් පතකුත් මේ අධිකරණය හමුවේ  ගොනුකරා ,  ඒ ඇප අයදුම් පත සම්බන්ධ කරුණු දක්වන්න තිබුණේ අද(19) දිනයේ එවන් පසු බිමක අල්ලස් කොමිසම පැමිණ සිකුරා(16) දින වරෙන්තුවක් අරන් තියෙනවා මගේ සේවා දායකයාට, මේක නීති විරෝධී , ඒ නිසා වරෙන්තුව ආපසු කැඳවන්න, අපේක්ෂිත ඇප අයදුම සම්බන්ධයෙන්ද ඔබතුමිය සුදුසු නියෝගයක් ලබා දෙන්න”

මේ සිද්ධියට මාගේ සේවා දායකයා සම්බන්ධ නැහැ, අදාළ පොහොර තොගය ආනයනය කිරීමට අදාළව මිලදී ගැනීමේ ක්රසමවේදය, අමාත්ය වරයෙකුගේ කාර්යභාරය හා වගකීම. එම පොහොර තොගය සම්බන්ධයෙන් මතු වූූ රාජ්ය තාන්ත්ර්ක අර්බුදය, නීතිපති දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙනු ලැබූ උපදෙස්, මත ණයවර ලිපි නිකුත් කර තිබෙනවා,

ශ්රීන ලංකා කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතු බැවින් රසායනික පොහොර වෙනුවට ශ්රී  ලංකා කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතු බවට රසායනික පොහොර මුළුමනින්ම තහනම් කිරීමටත් කාබනික පොහොර භාවිතය වැඩි කිරීමටත් අමාත්යම මණ්ඩලය අනුමැතිය ලබාගෙන තිබෙනවා, ඒ සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපතිවරයා අමාත්යම මණ්ඩලය සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා,

“ස්වාමීනී, 202.08.09 දිනැති අංක 2187/27 ප්රාකාරව ගැසට් පත්රපය ප්ර කාරව මූල්ය   බලතල හා වගකීම් සියල්ලම මුදල් රෙගුලාසි 124 (2) යටතේ ප්ර/ධාන ගණන්දීමේ නිලධාරියා වෙත පැවරෙන අතර ඒ අනුව කෘෂිකර්ම අමාත්යාං ශයේ ප්ර්ධාන ගණන්දීමේ නිලධාරියා වන්නේ අමාත්යාංුශය ලේකම්වරයා වන බවත් එම විෂය පථය භාර අමාත්යාං ශයට අයත් දෙපාර්තමේන්තුවල ප්රුධාන ගණන්දීමේ නිලධාරියා වන්නේ රාජ්ය  අමාත්යය ලේකම්වරයි

“2020.10.06 දිනැති ගැසට් පත්රදයේ  අංක2196/27 මගින් පොහොර සම්බන්ධයෙන් කටයුතු කිරීමට, පොහොර නිෂ්පාදන මගින් පොහොර සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොහොර නිෂ්පාදන හා සැපයුම් හා රසායනික පොහොර හා කෘෂිකාර්මික භාවිත නියාමන රාජ්යද අමාත්යාරවරයාට ලබාදෙන්නේ,

ස්වාමීනි සිද්ධියට අදාළව ප්රයතිසම්පාදන කමිටුවක් පත් කරනවා, එම ප්ර සම්පාදන ක්රිමයාවලිය අදාළ කමිටුව විසින් සිදුකොට ඉදිරි පියවර සඳහා සීමා සහිත ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම වෙත ඉදිරිපත් කරන ලද අතර එසේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් ප්ර සම්පාදන ක්රි යාවලියේ ප්රරමාදවීම හේතුවෙන් රසායනික පොහොර තහනම් කර ඇති වාතාවරණයතුල රට තුළ වගාකටයුතු සිදු කිරීම සඳහා පොහොර අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අමාත්යාංරශය තුළ රැස්වීමක් කැඳවා තීරණය කරන ලද අතර එහිදී ප්ර්සම්පාදන ක්රිායාවලියේ ඉදිරි පියවර වන ඇනවුමන මත චීන සමාගම විසින් බැඳුම්කරයක් නිකුත් කරන ලද අතර ඒ අනුව ණයවර ලිපියක් විවෘත කර තිබෙනවා”

එම සාක්කාච්ඡාව සිදුවන විටත් කොමෝෂල් පොහොර සමාගම ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්යාය අනුමැතිය බැංකුවට ලබා දී තිබූ අතර ලංකා පොහොර සමාගම ණයවරි ලිපි නිකුත් කිරීම නතර කර තිබෙනවා,2021.09.14 දින ශ්රීො ලංකා ප්ර මිති ආයතනයේ විශේෂඥ කමිටුව පොහොර ගෙන්වීමට නිර්දේශ ලබා දී ඇති අතර ඒ අනුව චීන සමාගම විසින් 2021.09.16 ජීවනුහරණය කරන ලද එස්.එල්.එස් 1704/21 ට අනුකූලව පොහොර ලබාදීමට එකඟ වී තිබෙනවා, ස්වාමීනි මෙම සිද්ධියට මගේ සේවා දායකයා වග කියන්න ඕන නෑ”

ප්රකසම්පාදන මාර්ග උපදේශ සංග්රරහයේ නියාමනයන්ට අනුකූලව ණයවර ලිපි විවෘත කිරීම සිදුකරන ලද බවත් එසේ විවෘත කිරීමට පදනම් වී ඇත්තේ ප්රයමිති ආයතනය විසින් කාබනික පොහොර ආනයනය කිරීම සඳහා වූ නිර්ණායකයන් මත බවත් එසේ සංශෝධනය කිරීමට හේතු වූයේ එම වකවානුවේදී මෙරට උද්ගතව තිබූ පොහොර අර්බුදයට විසඳුමක් වශයෙන් වන බවත් කාබනික පොහොර ආනයනය කිරීමේදී මතුවන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා 2021.09.16 දින කෘෂිකර්ම කැබිනට් අමාත්යක කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැති බවද මා ඉදිරිපත් කරන ලේඛන වලින් පැහැදිලි වෙනවා,

ඇනවුම් කරන ලද පොහොර තොගය ගොඩ බෑමේදී ලබා ගන්නා ලද නියැදිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතු කොටගෙන නීතිපතිවරයා විසින් සපයන ලද උපදෙස් මත පොහොර සමාගම් දෙකක් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටිමින් කොළඹ පිහිටි වාණිජ මහාධිකරණය හමුවේ නඩු දෙකක් පවරා මුල් අවස්ථාවේදීම අදාල ණයවර ලිපි වෙනුවෙන් ගෙවීම් සිදුකිරීම තහනම් කොට වාරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා,ඉන් අනතුරුව දේශීය හා විදේශීයව මතුවූ ගැටලුකාරී තත්ත්වය හා දෙරට අතර රාජතාන්ත්රි්ක සබඳතා පලුදු වීම සැලකිල්ලට ගැනීමෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා අධිකරණ අමාත්යරවරයා හා චීන තානාපති නිලධාරීන් අතර මෙකී ගැටලුව නිරාකරණය කර ගැනීමට ඇති හැකියාව හඳුනාගැනීම සඳහා සාකච්ඡා කීපයක් පවත්වනු ලැබූ බවත් ඒ අනුව ආරවුල් සුහදව නිරාකරණය කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියද සැලකිල්ලට ගෙන එසේ  උපදෙස් ක්රිරයාත්මක කිරීම  සඳහා තීරණය කර තිබෙනවා ස්වාමීනී මේක ජාත්ය න්තරව උද්ගත වී තිබෙන ප්රීශ්නයක්, සුදුසු කොන්දේසියක් මත මගේ සේවා දායකයාට වරෙන්තු ආපසු කැඳවන්න” යනුවෙන් නීතිඥවරයා පැවසීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්ර්ධාන මහේස්ත්රා ත්වරිය සැකකරු මැයි මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කරමින් විමර්ශන අවසන් කර එහි ප්රවගති වාර්තාව එදිනට අධිකරණය හමුවේ  ගොනුකරන ලෙසටද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මහේස්ත්රාඑත්වරිය නියෝග කළා ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න