ඖෂධ හිඟය නිසා වැඩි මිලට ඖෂධ මිල දී ගැනීමෙන් රජයට බරපතළ පාඩුවක් සිදු ව ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවස යි.

මේ යටතේ ඇතැම් ඖෂධ මිල දී ගැනීමේ මිල ඉහළ යාම සියයට දහසක් පමණ විය හැකි බව ද ඒ මහතා පැවසී ය.

මේ අනුව සෞඛ්‍ය කළමනාකරණය බිඳ වැටීමෙන් සිදු වන ආර් ථි ක දුෂණය කෙසේ වත් වැලැක් විය නො හැකි බව ද හෙතෙම කීය.

ඒ නිසා අල්ලස් කොමිසමෙන් විම ර් ශ නයක් ඉල්ලා සිටින බවත් ඒ සම්බන්ධයෙන් අල්ලස් දුෂණ කොමිසමට පැමිණිලි කරන බ ව ද ඔහු කීය.

වෛද්‍ය සැපයුම් ඒකකය ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව නිසි කාර්යක්ෂමතාවකින් කටයුතු නො කිරීම නිසා සහ ඒවායේ සිටින නිලධාරීන්ගේ දුර්වලතා මත මේ වන විට ඖෂධ හිඟය ඉහළ යද්දී සාමාන්‍ය ඖෂධ මිල දී ගැනීම් වෙනුවට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ප්‍රාදේශීය වශයෙන් බාහිර ඔසුහල්වලින් ඖෂධ මිල දී ගැනීමට උපදෙස් ලබා  දීම නිසා එසේ මිල දී ගන්නා ඖෂධ සාමාන්‍ය ප්‍රසම්පාදනය ලබා ගන්නා ඖෂධ සඳහා ගෙවන මිල මෙන් කීප ගුණයක් ඉහළ යාම නිසා ඇතැම් ඖෂධ වල මිල සඳහා රජයට සියයට දහස ඉක්මවා ගෙවීමට සිදු ව ඇති බව ද ඒ මහතා සඳහන් කළේ ය.

සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණය පසුගිය පාලන සමයේ දී බිඳ වැටුණු නමුත් නව ආණ්ඩුව පැමිණ මාස හයකට අධික කාලයක් ගත වුව ද මේ දක්වා ඒ සඳහා කා ර් යක්ෂම  වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අසමත් ඇති බව ඔහු පවසයි.

මේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය මිලදී ගැනීම්වල දී සාමාන්‍ය ඖෂධයක් මිල දී ගැනීමට වැය වන මුදලමින් කිහිප ගුණයක් ගෙවීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට සිදුව ඇති අතර මෙම ප්‍රාදේශීය මිල දී ගැනීම් රැසක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විනය පරීක්‍ෂණයන්ට ද ලක්ව ඇති බවද ඔහු කීය.

අයිවී සෙෆුරොක්සයිම් (Iv Cefuroxime) ඖෂධය සාමාන්‍ය මිල දී ගැනීම යටතේ රුපියල් 57.10 වන අතර ප්‍රාදේශීය මිල දී ගැනීමල දී මෙම අගය රුපියල් 575 වැනි ඉහළ මිලක් ගෙවීමට සිදු වන අතර මිල වැඩි වීමේ ප්‍රතිශතය සියයට දහස ක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සමහර ඖෂධය සාමාන්‍ය මිලදී ගෙන ඒම යටතේ 191 වන අතර එය ප්‍රාදේශීය මිලදී ගැනීම්වලදී බාහිරව ඔසුහල් වල රුපියල් 1512 හෙවත් සියයට හත්සිය අනූ එකක ඉහළ ප්‍රතිශතයක් ඇතිවිය හැකි බවද ඔහු කීය.

තවත් සමහර ඖෂධය සාමාන්‍ය මිල දී ගැනීම් වලදී රුපියල් 76 ක් වන අතර න් ප්‍රාදේශීය මිල දී ගැනීම්වල දී ඒ සඳහා ගෙවීමට සිදුවන මුදල රුපියල් 520ක් වෙයි. මේ අනුව මිල වැඩිවීමේ ප්‍රතිශතය සියයට 681ක් බවත් සමහර එන්නට ප්‍රාදේශීය මිල දී ගැනීම් වල දී රුපියල් 1087ක් වැනි ඉහළ අගයක් බව ද ඔහු කීය.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි ක්‍රමවේදය යටතේ සාමාන්‍ය මිලට ඖෂධ මිල දී ගැනීම වෙනුවට වැඩි මිලට ඖෂධ මිල දී ගැනීම සඳහා අවස්ථාව ලබා දීම අල්ලස් සහ දූෂණ  ක්‍රියාවක් බවද මෙමගින් රජයට බරපතල ආර්ථික ලාභයක් සිදුවන බැවින් මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න