ඖෂධ ආනයනයට ටෙණ්ඩර් ලබා ගත් සැපයුම් කරුවන් නිසි පරිදි සැපයුම් සිදු නොකරන්නේ නම් රාජ්‍ය මට්ටමින් රටට අවශ්‍ය ඖෂධ ගෙන් වීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින් ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ රෝහල්වලට අවශ්‍ය කරන සියලුම ඖෂධ මේ වන විට රජය මිල දී ගෙන වෛද්‍ය සැපයුම් අංශය හරහා රට පුරා රෝහල්වලට ලබා දෙන්නට මේ වන විට පියවර ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ 862 ක් රට පුරා රෝහල්වලට ලබා දී ඇති බව ද ඒ මහතා පැවසීය.
පසුගිය කාලයේ මිල දී ගත් සමහර ඹෟෂධ සම්බන්ධයෙන් ප්‍රශ්ණ ඇති වී තිබෙන නිසා එම ඖෂධ සැපයුම් අංශයෙන් ඉවත් කරන්නට ද පියවර ගෙන ඇති බව ද ඔහු කීය.
ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ ඔසු ගෙන්වීම සඳහා රුපියල් බිලියන 183 ක මුදලක් වෙන්කර ඇති බව ද හෙතෙම කීය.
කෙසේ නමුත්, මෙ රටට ගෙන්වා ඇති ඔසු 862 අතරින් ඔසු 37 ක් සඳහා ලියා පදිංචි ඖෂධ සැපයුම් කරුවන් නොමැති බවත් එයට හේතුව ඖෂධ ගෙන් වීමේ දී ලැබෙන ලාභය අඩු නිසා බවත් ඇමති වරයා කීය.
ඒ සම්බන්ධයෙන් යම් සාදාරණිය ක්‍රමවේදයක් සකස් කරන්නට හැකි ද යන්න ඔවුන් සමඟ සාකච්ජා කළ බව ද ඒ මහතා කීය.
සමහර ඖෂධ සැපයුම් කරුවන් ලියා පදිංචී සිටින නමුත් අදාළ ටෙණ්ඩ ර් ව ලට සම්බන්ධ වෙන්නේ නෑ. සමහරු ලියා පදිංචි වී ඩෙණ්ඩ ර් වලට ද ඇවිත් ඖෂධ සැපයීම ප්‍රමා ද කරන තත්ත්වයක් ද දැකිය හැකි බව ද ඒ මහතා කීය.
මේ නිසා සමහර සැපයුම් කරුවන්ගේ සමහර ගැටළු නිසා රජය මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබිය දී පවා සමහර විට සමහර ඖෂධ ගෙන් වීමේ දී යම් ප්‍රමාදයක් තිබෙන බව අපි පිළි ගන්නවා.
සැපයුම් ජාලයේ ඇති දුර් වලතා නිසායි. මෙවර අප මේ වැනි ඔසු මිල දී ගන්න රුපියල් බිලියන 200 ක් වෙන්කර ඇති බව ද ඒ මහතා කීය.
රට හමුවේ ඉන්සියුලින් මසකට 1 60 000 ක් පමණ අවශ්‍ය වෙනවා. මේ අනුව පසුගිය මාසයේ ඉන්සියුලින් එන්නත් ලක්ෂ 4ක් ආනයනය කළ බවත් තවත් ඉදිරියේ දී අවශ්‍ය තවත් එන්නත් ලක්ෂ දෙකක් ආනයනය කරන බව ද ඒ මහතා කීය.
අප දිගින් දිගටම පෙර පැවැති ක්‍රමයටම කිසිදු අවුලක් සිදු නොකර නියාමනය සිදු කරමින් ඖෂධ සැපයුම් කරුවන් සමඟ ඖෂධ ගෙන්වීමට කටයුතු කරන්නට පියවර ගන්නවා.
නමුත් එය එසේ සිදු කරන්නට උපරිම ආකාරයට කටයුතු කරනවා. නමුත් එහෙම සිදු කරන්නට නො හැකි වුව හොත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම භාවිතය හරහා ඖෂධ ආනයනය කරන්නට කෙලින්ම සම්බන්ධ වී රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීමට ද යම් තීරණයක් ගන්නට අප කල්පනා කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
මෙහි දී රජය සමඟ සම්බන්ධව සිටින සැපයුම් කරුවන්, දේශිය සැපයුම් කරුවන් ආදි පිරිසට කිසිදු හානියක් හෝ බලපෑමක් සිදු කරන්නේ නෑ. සිදු වන්නේ නැති බවත් ඒ මහතා කීය.
ඉදිරියේ දී ඖෂධ මිල සුත්‍රයක් හදුන්නා දී ඔසු මිල අඩු කරන ගමනකට ගමන් කරන්නට හැකි වන බවත් පසුගිය කාලයේ අවුලට පත් කළ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව නියමිත පරිදි මේ වන විට නිරවුල් කර ගෙන නිසි මඟකට ගමන් කරමින් සිටින බව ද ඒ මහතා කීය.