දෙවියන්ගේ මල්ල එක්ක පැන ගිය දෙකක් පොලිසියට කොටුයි!

බදුල්ල ප්‍රදේශයේ මුල්‍ය ආයතනයකට රුපියල් ලක්ෂ 22ක මුදලක් වංචා කොට පළා යමින් සිටි පුද්ගලයින් දෙදනෙකු  මුදල් සමඟ හිගුරුකඩුව ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කල සිදු කල ප්‍රශ්ණ කිරීම්වල දී එම සැකකරුවන් දෙපල තවත් මුල්‍ය අපරාධ රැසකට ඔවුන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි හිගුරුකඩුව පොලිසිය පවසයි

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදනා  කිරිඇල්ල, ඉඩම්ගොඩ  හා බලංගොඩ වෑ ගහපිටිය ප්රපදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

මෙහිදී මෙම සැකකරුවන් සන්තකයේ තිබී මුදලින් රුපියල් ලක්ෂ 22ක්,අන් අයගේ ජාතික හැදුන්ම්පත් 04ක්,ජංගම දුරකථන 05ක්, බැංකු කාඩ් 04ක් රන් ආභරණ උගස් කරන ලද රිසිට් කිහිපයක්, ව්‍යාජ යතුරුපැදි අංක තහඩු 02ක් රන් ආලේපිත මාල 03යි, අත්පලඳනා 01යි, වළලු 04ක් හා, මුදු 02ක්, සොයාගෙන තිබුණි.

පොලිසිය පවසන්නේ, මෙම සැකකරුවන් දෙදනා සන්තකයේ තිබී, අයිස් මත්ද්‍රව්‍ය  මිලිග්රෑපම් 10 බැගින්ද  සොයාගත් බවයි.

පොලිසිය, මෙම සැකකරුවන් දෙපලගෙන් තවදුරටත් සිදු කල ප්‍රශ්ණ කිරීම්වලදී, ඔවුන් රටෙි විවිධ පළාත්වල තවත් මුල්‍ය අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරුවන් දෙපලක් බව හෙළිව තිබේ.

මොවුන් දෙපල පිළියන්දල ප්‍ර දේශයේ  පෞද්ගලික මුල්‍ය ආයතනයට රුපියල් ලක්ෂ 27ක මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශණ එකකය විසින් සිදුකර ගෙන යන විමර්ශණයකට අවශ්‍යව සිටි සැකකරුවන් දෙපලක් බව ගල්කිස්ස පොලිසිය විසින් හිගුරුකඩුව පොලිසියට දන්වා ඇති අතර, ව්යාකජ රන් භාන්ඩ ලබා දී රුපියල් ලක්ෂ 90 ක මුදලක් වංචා කිරීම සමිබන්ධයෙන් රත්නපුර විශේෂ අපරාධ විමර්ශණ ඒකකයටද අවශ්‍යව සිටි සැකකරුවන් දෙපලක් බවද රත්නපුර පොලිසිය විසින් හිගුරුකඩුව පොලිසිය වෙත දන්වා එවා තිබේ.

මීට අමතරව මෙම සැකකරුවන් දෙදනා කූඨ ලේඛණ සකසා රුපියල් විසිහය ලක්ෂ පනස් දහසක මුදලක් වංචාකර ඇති බවත්, ඒ සමිබන්ධව සිදුකරන විමර්ශන වලට, මෙම සැකකරුවන් දෙදනා මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි දෙපළක් බව ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදනා ඊයේ ( 01 ) පස්සර මහේස්ත්රාමත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව ජුනි මස 04 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙි. සැකකරුවන් දෙදනා ජුනි 04 දා හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරිමට නියමිත ය.

මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත හිගුරුකඩුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

පෝන් නැති අය බලන්න! මෙන්න මරණයේ කතාව!ඔබටත්…මරණය!

ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 25 වැනි දා මියගිය 57 හැවිරිදි දෙදරු මවගේ මරණයට හේතුව දුරකථන චාජරයකින් වෝල්ට් 110ක විදුලි ධාරාවක් ශරීරගත වීම බව අනාවරණය වී තිබේ.

මේ බව සොයාගෙන ඇත්තේ එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල ජාතික රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්රීසේන ලොකුගේ මහතාගේ දැනුම්දීමක් මත ශ්රී‍ ලංකා විදුලිබල මණ්ඩලයෙන් කරන ලද ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුවය.

මෙලෙස මියගොස් ඇත්තේ වංචාවල, හල්ගස්මුල්ල ප්ර්දේශයේ පදිංචි බඹරැන්දගෙයි විනීතා පද්මිණී. නමැති කාන්තාවකි.

ඇයගේ මරණ පරීක්ෂණයේ දී ඇගේ දකුණතෙහි විදුලි සැර වැදීමෙන් ඇති වූ විශාල තුවාල කැළලක් දක්නට ලැබී ඇති අතර එක් පියයුරකින් විදුලිය පිටවී තිබුණේ එම පියයුර පුපුරා තුවාලයක් ඇතිකරමිනි.

නමුත් ඇයට විදුලිය වැදුණු ආකාරය පිළිබඳ නිශ්චිතව තීරණයක් ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් කිරීමේ දී විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද කැඳවා ඇත.

මියගිය කාන්තාවගේ සැමියා කනංකහේවා ගමගේ (68) මෙසේ කීවේ ය.

“මම විශ්රාවමික හමුදා සේවකයෙක්. නිවසේ සිටින්නේ මමත් බිරිඳත් විතරයි. ඇයට ලොකු අසනීපයක් තිබුණේ නෑ. 25 වැනි දා මම නිවසින් බැහැරව ගියා. බිරිඳ පමණයි නිවසේ සිටියේ. මම පැයකින් විතර එනවිට බිරිඳ පේන්න හිටියේ නෑ. ඇගේ දුරකථනය නාදවුණා. කාමරය පැත්තෙන් සද්දය ආපු නිසා මම ඒ පැත්තට ගියා. ඇය කාමරය ඇතුළේ දොර අසළම උඩුබැලි අතට බිම දිගා වී නිදා සිටියා.

වෙනදාටත් ඇය බිම නිදාගන්නවා. මම ඇහුවා ෆෝන් සද්දේ ඇහෙන්නේ නැද්ද කියලා. ඇය කිසිවක් කීවේ නෑ. මම ඇයව සෙළෙව්වා. ඒත් කතා කළේ නෑ. ඒ වෙලාවේ මම දැක්කා එයාගේ දකුණු අතේ සුළැගිල්ලටත් අනෙත් ඇඟිල්ලටත් තද වෙලා  ෆෝන් චාජරේ ෆෝන් එකට ගහන පැත්ත තියෙනවා. අනෙක් පැත්ත බිත්තියේ ප්ලග් එකට සවිකරලා තිබුණා. මම කෑ ගහලා අනිත් අයට කතා කළා. 1990ටත් කවුදෝ එන්න කියලා. අපි බිිරිඳව ත්රීන රෝද රථයක දාලා කරාපිටියට යැව්වා. මම යතුරුපැදියකින් පස්සෙන් ගියා.

1990 මගට ඇවිත් බිරිඳව අරගෙන කරාපිටිය රෝහලට ටගෙන ගියා. මමත් රෝහලට ගිහින් ටික වෙලාවකින් වෛද්යාවරු කිව්වා ප්රිතිකාර පටන්ගත්තත් බිරිඳ මියගියා කියලා.”

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද්දේ ජ්යෙතෂ්ඨ අධිකරණ වෛද්යබ නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා විසිනි. එහි දී වෛද්යරවරයාගේ නිගමනය වී ඇත්තේ ඇගේ දකුණු අතේ තිබෙන විදුලි සැර වැදුණු තුවාලය සහ පියයුරක ඇති විදුලිසැර පිටවීමේ තුවාලය ඉතාමත් අසාමාන්යව බවයි. එමෙන් ම එවැනි තුවාලයක් ඇතිකරමින් පුද්ගලයකු මරණයට පත්වීමට තරම් විදුලියක් ෆෝන් චාජරයක් නිසා ශරීරගතවූයේ ද යන්න ගැටලුවක් බව ද වෛද්ය්වරයාගේ නිගමනය විය.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂක චන්ද්ර්සිරි ලොකුගේ සහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ගාල්ල ප්රනධාන ඉංජිනේරු ඊ.ජී.යූ.සුභාෂණ මහතාට නියෝග කර ඇත්තේ මේ මරණය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණයක් සහ විශේෂඥ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

හදිසි මරණ පරීක්ෂකවරයා සහ අක්මීමණ පොලිිසsයේ නිලධාරීන් සමඟ විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරී උදේශ් නන්දන  ධර්මසිරි  කරවිට මහතා, ඩී.අයි.යූ.පෙරේරා මහතා සහ ලක්ෂාන් ද සිල්වා මහතා ද එම නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇත.

එහි දී අනාවරණය වූයේ මෙම නිවසේ පැන්නුම් ස්විචය (Trip switch) අක්රිලය වී තිබී ඇති බවයි. එමෙන් ම ඇයගේ ෆෝන් චාජරය පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ එම චාජරයෙන් වෝල්ට් 110ක විදුලිබලයක් නිකුත්වන බවයි. ෆෝන් චාජරයේ දෝෂයක් ඇති බව නොදැන ඇය එම චාජරය භාවිතා කරද්දී විදුලි කාන්දුව සිදුවී ඇති අතර පැන්නුම් ස්විචය ක්රිායාත්මක වූයේ නම් විදුලිය ක්ෂණයකින් විසන්ධි වී ඇගේ ජීවිතය බේරාගැනීමට හැකිවනු ඇතැයි ද විදුලිබල මණ්ඩලයේ වාර්තාවේ සඳහන් වී ඇත.

එම වාර්තාව සහ වෛද්යඇවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක චන්ද්ර‍සේන ලොකුගේ මහතා මෙම මරණය ෆෝන් චාජරයෙන් විදුලිසැරර වැදීම හේතුවෙන් සිදු වූ මරණයක් බව නිගමනය කළේ ය.

වේදනා නාශක මත් පෙති දුන්නු පී.එච්.අයි! පෙත්තකින් කොටු !

කලක පටන් වෛද්‍ය නිර්දේශ නොමැතිව  වේදනා නාශක මත් පෙති පාසල් දරුවන්ට සහ තරුණයන්ට අලෙවි කල ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක් මත් පෙති 1850 ක් අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගොඩකවෙල සෞඛ්යද නිළධාරි කාර්යාලයේ  සේවය කරන මහජන සෞඛ්යට පරික්ෂකවරයෙකු බව පොලිසිය පවසයි.

සිසුන්ට ගුරුවරුන්ට පහර දෙන අමුතු ගුරෙක් අනුරාධපුරයෙන්! හරි පුදුම පාසල් ගුරෙක්!

අනුරාධපුර නගරයේ පාසලක පසුගි සිසුවකටු පහර දුන් ගුරුවරයා මීට පෙර පාසල් ගුරුවරු මෙන්ම විදුහල්පතිවරුන්ට පවා පහර දුන් අයෙක් බව උතුරු මැද පළාත් අධ්‍යාපන  පැවසීය.

එහෙත් ඇතැම් නිලධාරීන්ගේ හිතවත්කම් මත මේ ගුරුවරයාට නිසි දඬුවමක් ලබා නොදුන් අතර ඒ වෙනුවට සිදු කළේ අනුරාධපුර නගරයේ ප්රටධාන ප්රබසිද්ධ  පාසල්වලට ස්ථාන මාරුවීම් සිදුකිරීම පමණක් බවද එම නිලධාරියා සඳහන් කළේය.

ඉකුත් බ්රුහස්පතින්දා පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇති දරුවාගේ ශ්රදවන ආබාධයක් දැනට ඇති වී ඇතැයි එම දරුවා සඳහන් කරයි.එහෙත් මේ වනතුරුත් මේ ගුරුවරයා පොලිසිය මදින් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැත.

මීට පෙර සේවය කළ විදුහල්වලදී මේ ගුරුවරයා නගරයේ ප්රතසිද්ධ පාසලක නියෝජ්යා විදුහල්පතිවරයකුටද පහරදීමට කටයුතු කර ඇති අතර අනෙකුත් පාසල්වල දරුවන්ට බොහෝ විට බඳ පටිය යොදානිමින් පහර දුන් බවටද පළාත් කාර්යාලයේ ප්රරකාශකයා අනාවරණය කළේ ය.

ගිනි අවි පත්තු නොවේ! වෙඩිල්ල හිර වෙයි!

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවෙකු විසින් (02) උදෑසන  පානදුර වලාන ගැමුණු මාවත  ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලා ගොස් ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

සම්පූර්ණ මුහුණ ආවරණය කරගත් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් කුඩා ප්රපමාණයේ ගිනි අව්යකින් තුන් වරක් කොකා ගස්සවා වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර ගිනි අවිය පත්වී නොමැති බව ද පොලිසිය කියයි.

පානදුර ප්‍රදේශයේ මක්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙය සිදු කර ඇති බවත්, පසුගිය සතියක කාලයක් තුලදී වෙඩි තැබීම් සිද්ධි තුනක් වාර්තා වී ඇති බවත්  පොලිසිය පවසයි.

පානදුර අපරධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින්ද පරීක්ෂණ සිදුකරන ලදී.පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති.

(06) දුම්වැටි තොගයක් කටුනායකින් කොටු !

රුපියල් හතලිස් එක් ලක්ෂ දස දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්  නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් 06/02 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.

ඇය 06/02 දින අලුයම 05.00 ට ඩුබායි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ විදේශීය නිෂ්පාදිත                    ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 27,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 137 ක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම දුම්වැටි තොගය සමග ඒවා රැගෙන ආ ගුවන් මගී කාන්තාව අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

(07)  මධුවිත පානය කළ ඌරු බොක්කේ බොක්කේ පොරවල් 64ක් අල්ලයි!

2025 අප්‍රේල් මාසයේ දී පමණක් බීමත්ව රිය පැදවූ රියදුරන් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රුපියල් දාහත්ලක්ෂ හැටදහසක (1760000.00) මුදලක් දඩ මුදල් වශයෙන් අයකර ගෙන ඇතැයි ඌරුබොක්ක පොලීසියේ රථවාහන අංශය කියයි.

මීට අමතරව අප්‍රේල් මාසයේදී ඌරුබොක්ක පොලීසියේ රථවාහන අංශය මගින් රථවාහන වැරැදි සම්බන්ධයෙන් නඩු 389 ක් ලබාගෙන ඇති බවත් එයින් දඩ පත්‍ර 211 නිකුත් කර එහි ආදායම රුපියල් දෙලක්ෂ එක්දහස් පන්සීයක් (201500.00) ක්ද අධිකරණය මගින් දඩ මුදල් වශයෙන් රුපියල් දාහත්ලක්ෂ විසිපන්දහසක (1725000.00) මුදලක් දඩ මුදල් වශයෙන් අයකර ගෙන ඇති බවට පොලීසිය පැවැසී ය.

අප්‍රේල් මාසයේ දී මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය පැදවූ රියදුරන් 22 දෙදෙනෙකුට දඩ පත්‍ර නිකුත් කර ඇති අතර දඩ පත්‍ර 17 කින් රුපියල් විසඅටදහසක (28000.00) මුදලක්ද,ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනය කල පැදි කරුවන් 24 දෙනෙකුට දඩ පත්‍ර නිකුත් කර ඇති අතර දඩ පත්‍ර 18 කින් රුපියල් දහඅටදහසක (18000.00) මුදලක් අයකර ගෙන ඇත.රක්ෂණ සහතිකය නොමැතිව ධාවනය වෙනුවෙන් නඩු 12 ක් සදහා දඩ පත්‍ර වලින් රුපියල් හතලිස් දහසක (40000.00) මුදලක්ද,වෙනත් රථවාහන වැරැදි සම්බන්ධයෙන් නඩු 213 ක් ලබාගෙන ඇති අතර දඩ පත්‍ර 138 ක් නිකුත් කර රුපියල් එක්ලක්ෂ දහ නවදහසක (119000.00) මුදලක් අයකර ගෙන ඇත.

මේ අනුව අප්‍රේල් මාසයේදී  රථවාහන අංශය මගින් රුපියල් විසිලක්ෂ එක්දහස් පන්සීයක (2001500.00) මුදලක් දඩ මුදල් වශයෙන් අයකර ගෙන කිබුණි.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී.පී.ඩබ්.පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සමන්,සැරයන් 18233 රංජිත් සැරයන් 60826 ප්‍රදීප් කොස්තාපල් 77858 ධනුෂ්ක,කොස්තාපල් 76804 රේෂාන් කොස්තාපල් 89342 රංගජීව කාන්තා පොලිස් කොස්තාපල් 6982 නදීසා යන නිළධාරින් වැටලීම් වලට සහභාගි වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න