උතුරු මැද පළාතේ කිසිදු වාහන වෙන්දේසියක් සිදු නොවූ බවත් ටෙන්ඩර් කිරීමක් පමණක් සිදුකර නිෂ්කාශනය කිරීමක් පමණක් සිදුවූ බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණය විනිසුරු වසන්ත ජිනදාස මහතා සඳහන් කරයි.
උතුරු මැද පළාත් සභාවට අයත් ඉතා වටිනා සුඛෝපභෝගී වාහන ප්‍රමාණයක් වෙන්දේසි කර රජයට අලාභයක් සිදු කර ඇති බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් කරුණු පැහැදිලි කිරීමට පෙරේදා(2) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
මෙහි දී කරුණු පැහැදිලි කළ උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා-“උතුරු මැද පළාත් සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුවූවා යැයි කියන වාහන වෙන්දේසියක් පිළිබඳ කරුණ පදනම්විරහිත අසත්‍ය කරුණක් .උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසියක් සිදු කළේ නෑ.තිබුණු වාහන ටෙන්ඩර් මිල ගණන් කැඳවා නිෂ්කාශනය කිරීමට තීරණයක් අරන් තිබුණා.
ඒ අනුව වාහන කිහිපයක් සම්බන්ධයෙන් පුවත්පත් තුනක සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් 2025.මාර්තු 30 ප්‍රසිද්ධියට පත් කළා.විවෘත ටෙන්ඩරය සති තුනක කාලයකින් අනතුරුව ටෙන්ඩර් මණ්ඩලයකින් විවෘත කළා.
විශේෂඥ තක්සේරු මණ්ඩලයකින් රජයේ තක්සේරුව සිදු කරන ලද අතර ඒ අනුව වාහන මිල ගණන් තීරණය කළා.රජයේ තක්සේරුව වූයේ මිලියන 198 යි.ටෙන්ඩරීම් ප්‍රදානය කර ලබා ගත් ආදායම රුපියල් මිලියන 218 යි.
මෙසේ තිබියදී උතුරු මැද පළාත් සභාවේ රාජ්‍ය සේවකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කර ඇති චෝදනාව පදනම් විරහිත අසත්‍යය අභූත චෝදනාවක්.
B M W වර්ගයේ X 5 වර්ගයේ කාර් රථය 2016 වර්ගයේ නිෂ්පාදිත එකක්.පසුගිය වසර හතර(4) තුළට මේ වාහනය තිබූ බවට වාර්තා නෑ.ප්‍රයෝජනයට ගත් බවක්වත් භාවිතයට ගත් බවක්වත් වාර්තා නෑ.එහෙත් පසුගිය පරිපාලනය අවසන් වූ වහාම මේ පරිශ්‍රයට ගෙනැවිත් ගාල් කර තිබුණා.කවුරුන් විසින් එය පාවිච්චි කළාද කියන එක මේ නිලධාරීන් දන්නේ නෑ.ඒ කාලයේ එහෙම තියෙද්දී ඔය කිසි කෙනෙක් ඔය ගැන විමසීමක් කලේ නෑ. එය ගාල්කලාට පස්සේ ඉතා අබලං තත්ත්වයක තිබුණා.පසුව එය අලුත් වැඩියා කර භාවිතයට ගන්න බැලුවා.නමුත් ඒ වාහන පිළිබඳව විශේෂඥයන් මෙය භාවිතයට ගන්නවාට වඩා නිෂ්කාශනය කිරීම සුදුසු බව පෙන්වා දුන්නායැයිද මේ තුළින් කිසිදු වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදුකර නොමැති බවද මෙහිදී ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.