සරිගම රස විතයෙන් අපේ කාලයේ සංගිත කලා කෙතට රසවත් වු පැහැබර අස්වනු නින්දාද කරවන අපේ කාලයේ තුරුණු ශක්තියෙන් හෙබි කලාත්මක යෞවනකු සොයා අප ගාල්ල සුන්දර පුරවරයට ගියෙමු.
ගායන, වාදන, රංගනයට උපන් හපන් මේ තරුණයා මලීෂ ජීවරංග නම් වේ. වයස අවුරුදු 17ක් පමණ වූ හෙතෙම ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරමින් සංගිත විෂය සිය ආත්මය කර ගනිමින් දිගු කලාත්මක ගමනක දිගට දිගුවට ගමන් කරමින් සිටියි. ඒ ආදරණිය සංගීත සත්සරය සංගීතමය රිද්මය රස විත වු හෙළ කලාවට තරුවකි. තුරුණු සංගීත තාරකාවකි.
මම සංගිතයට කැමැතියි. පාසලෙත් සංගීතය කරනවා. එළිමහන් වේදීකා ප්‍රසංග වලට ඉඳ හිට ගීත ගායනා කරමින් සංගීත භාණ්ඩ ද වයමින් අහිංසක ගමනක් යමින් සිටිනවා. මට වයස 17. මම ගාල්ලෙ මහින්ද විද්‍යාලයේ ඉගෙන ගන්නවා.
මට ගායන හැකියාවක් තියෙයි. මම වැඩියෙන් කැමතිම ගිටාර් එක වාදනය කරන්න. මම වාදනය කරන්නෙ එකෝස්ටික් සංගීතය,බ්ලූස්,රොක්,ක්ලැසික්,ජෑස්, මෙට්ල් වගේ සංගීත ප්‍රබේද වලට මම ගොඩාක් කැමැතියි.
මම දැනට ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනේරු පාඨමාලාවක් ද කරනවා. අනාගත අරමුණ ප්‍රසිද්ධ ගිටාර් වදකයෙක් ගායකයෙක් වෙන එක ඊට අමතරව ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනේරුවෙක් ලෙස රටට සේවය කරන ගමන් මිනිසුන්ගේ සිත සනසන කාලයේ තාලයට ගමන් කරන නවතම සංගීත ගමනයක් යන්න තමයි ඉතිං අරමුණ බව ගාල්ල මහින්ද විද්‍යාලයේ සංගීත ගැජට් පොඩ්ඩා කීය.
හෙළ කලා කෙත සරු වු කලාත්මක සරින් සරසන්නට මේ සොඳුරු සරින් සරණා ආදරණිය නව යොවුන් කලා කරුවාට අප සුභ පතමු .