ඉන්දියාවෙන් ගෙන් වූ තවත් ඇස් බෙහෙතක් ඇතුළු බෙහෙත් වර්ග විස්සක් තත්ත්වයෙන් බාල නිසා භාවිතයෙන් ඉවත් කර ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.  

මෙම වසරේ ගත වූ මාස පහකට ආසන්න කාල සීමාවේ දී ඉන්දියාවෙන් ගෙන්වන ලද Netamycine opthalmic suspension සියයට 5 ඇතුළු බෙහෙත් කාණ්ඩ (batches) විස්සකට ආසන්න ප්‍රමාණයක් විවිධ අවස්ථාවන්වල දී ගුණාත්මක නිර්ණායක සම්පූර්ණ කිරීමට නො හැකි වීම නිසා භාවිතයෙන් ඉවත් කොට ඇති බව ද ඒ  මහතා සඳහන් කළේ ය.

මේ යටතේ ඖෂධ කාණ්ඩ විස්සකට අධික ප්‍රමාණයක් ගත වූ මාස පහක ආසන්න කාලයේ දී වෛද්‍ය සැපයුම් ඒ කකය මගින් භාවිතයෙන් ඉවත්කොට ඇති බවට චක්‍රලේඛ නිකුත් කොට ඇති බව ද ඒ මහතා කීය.

මෙම ඖෂධ අතරින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ බව ඔහු ද පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ලද පෙර සිටමෝල් වර්ග ද පවතින බව ද ඔහු කීය.

මීට අමතරව ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා භාවිතා කරන ශල්‍ය උපකරණ රැසක්ද තත්ත්වයෙන් බාල වීම නිසා භාවිතයෙන් ඉවත්කොට ඇති බවද ඒ මහතා පැවසීය.

බාල ඖෂධ නිසා වසරකට මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල ආර්ථික අලාභයක් සිදු වන බවත් එම සිදු වන ආර්ථික අලාභය අය කර ගැනීමට පසුගිය කාලයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සමාගම් වලට එරෙහිව සක්‍රීය ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බව ද ඔහු කීය.

එම තත්ත්වය වර්තමානයේද දැකිය හැකි බව වැඩිදුරටත් වූ සඳහන් කළේය.

මෙ රට ඖෂධ හිඟයට පිළියම් ලැබීම සඳහා දැනට ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍යා ඹෘෂධ  සංස්ථාවේ අකාර්යක්ෂමතාව බරපතළ බාධාවක් වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ  ය.

මෙම ඖෂධ  වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ බව ද ඔහු සඳහන් කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න