ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල අඩු වෙලා තියෙද්දි මෙරට තෙල් මිල අඩු කර නැති බවත් දැන් ඒ මුදල යන්නේ කාගේ සාක්කුවට වහාම රට හමුවේ හෙළි කරන ලෙස තමා ආණ්ඩුවට බලකරන බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මෙම මස තෙල් මිල සංශෝධනයක් වෙලා නැහැ. ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල අඩුවෙලා තියෙද්දි මේගොල්ලෝ තෙල් මිල අඩු කරලා නැහැ. හැබැයි ඉස්සර නම් කිව්වේ, මෙයාගේ සාක්කුවට යනවා. අරයා කොමිස් ගහනවා.

ණය ගෙවන්න මහ බැංකුවට හැම තෙල් ලීටරයකින්ම රුපියල් පනහක් යනවා. අපි ආපු ගමන් ඒක අයින් කරලා මෙච්චර ගානකට දෙනවා.

මේවා සිද්ධ වෙලා තියෙන්නේ වංචා දූෂණ නිසා කියලා. එහෙනම් වංචා දූෂණ නැති ආණ්ඩුවක් යටතේ ලෝක වෙලදපොලේ තෙල් මිල අඩුවෙලා තියෙන අවස්ථාවක තෙල් මිල අඩු කරන්න බැරි හේතුව මොකක්ද?

එහෙනම් ඒ ගොල්ලන්ගේ කාලෙත් වංචා දූෂණ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් කාගේ හරි සාක්කුවකට සල්ලි යනවද? එහෙමත් නැත්නම් මේ ආණ්ඩුවට තරහක් තියෙනවා ජනතාවත් එක්ක පළාත් පාලන ඡන්දයේ දී ආණ්ඩුවට ඡන්දය දුන්නේ නැහැ කියලා. ආණ්ඩුවට පෙර පොරොන්දු වුණ පරිදි වැඩ කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ද හෙතෙමෙ කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න