මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන කුකුල් මස් සමාගම් අරලගංවිල, ගල්තලාව, ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල කුඩා වෙළඳසැල්වලට රෝගීව මියගිය් කුකුල් මස් අලෙවි කරන බවට එම ප්‍රදේශවල ගම්වාසීන් චෝදනා කරති.

මීට අමතරව ඇසුරුම් කරන ලද එමස් පැකට්වල නරක් වී තිබෙන තමන්ට හමුවූ ඇති බවද ්‍රදේශවාසීන් පෙන්වා දෙති.මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කල ද නරක් වූ කුකුල් මස් අලෙවිකරණ වෙළඳුන්ට සහ සමාගම්කරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද කුකුල් මස් පාරිභෝගිකයන් චෝදනා කරති.

අරලගංවිල ගල්තලාව දේවගල මැදගම ඇතුළු ග්‍රාමීය ප්‍රදේශවල කුඩා වෙළෙන්සල්වල අලෙවි කරන කුකුල් මස් පැකට්වලින් කල්පනා ඉකුත් වීමේ දිනය සහ ඇතැම් මස් පැකට්වලුන් අලෙවි කළ යුතු මිල ද සටහන් වී නොමැති වුව පාරිභෝගිකයින් චෝදනාකරති.

කුකුල් මස් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් රෝගී වීමෙන් අනතුරුව මියගිය කුකුලන්ගේ මස් පැකට් කර අලෙවි කරන බවත්, එම මස් ශීතකරනවල යොදා තිබුණද නරක් වී තිබෙන බවත්, ඒවා පරිභෝජනය කරන ජනතාව මෙන්ම කුඩා දරුවන් විවිධ රෝගාබාධවලට ගොදුරු විය හැකි බැවින්, මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද පාරිභෝගිකයන් වෙනුවෙන් කටයුතු කරන දිඹුලාගල සමුදුරු පාරුව ප්‍රජා සත්කාරක පදනමේ නිර්මාතෘ ප්‍රසන්න අබේවික්‍රම  මහතා සඳහන් කළේය.

අප මේ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කිහිපදෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එවැනි පැමිණිල්ලක් තමන්ට ලැබී නොමැති බවයි.

අනතුරුව අප ප්‍රසිද්ධ සමාගම් කිහිපයක කළමනාකරුවන්ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ එලෙස අලෙවිකරණ නරක් වූ කුකුල් මස් තම සමාගමේ කුකුල් මස් යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවයි.

කුකුල් මස් පාරිභෝගිකයින් නගන චෝදනාව සම්බන්ධ‍යෙන් අප සමාගම් කිහිපයක කළමනාකරුවන් සහ අලෙවි නියෝජිතයින්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදීම ඔවුන් කීහිපදෙනෙකු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අතර තවත් කිහිප  

දෙනෙකු පැවසුවේ ඒ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් සිදුකර ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න