කිසිදු රෝගයක් රෝග ලක්ෂණයක් නොමැතිව ලෝකයේ හා ලංකාවේ මිය යන අලුත්ම සමාජමය වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනා ගෙන ඇති බවත් ඒ හදිසි අනතුරු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.
( 09) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
මේ අවුරුදු සතියේ ගෙදරට මරනයක් රැගෙන නො යන්නට ජනතාව වග බලා ගත යුතු ව තියනවා.
වසරකට ලෝකයේ ජනතාවගෙන් මිලියන 68 ක් පමණ මිය යන අතර මින් සියයට 7ක් පමණ සිදු වන්නේ හදිසි මරන නිසා ය. ලෝකයේ හැම තප්පර 08 කට වරක්ම එක් අයකු මිය යන්නේ හදිසි අනතුරු නිසා ය. ලෝකයේ මිලියන 4.5 ක් මිය යන්නේ හදිසි අනතුරු නිසා ය. ලොව අනතුරු නිසා දිනකට 12 000 ක් පමන මිය යනවා.
ලංකාවේ වසරකට මිලියනයක පමණ පිරිසක් රෝහල් ගත වන්නේ හදිසි අනතුරු නිසා ය. මේ වන විට මේ ප්‍රමාණය අවුරුදු සමයේ දී වැඩී වීමක් දැකිය හැකි යි. ලංකාවේ රෝහල් ගත වන 6 දෙනෙකු අතරින් එක් අයකු රෝහල් ගත වන්නේ අනතුරු නිසායි.
නමුත් අවුරුදු කාලයේ දී අවුරුදු සතියේ දී මෙම ප්රවනතාවය වැඩි යි. ඉදිරි වර්ෂවල මේ සම්බන්ධයෙන් ඇස්තු මේන්තු කරන විට දක්නට හැකි වන්නේ දැනට අනතුරු වලින් සිදු වන ප්‍රමාණය ලක්ෂ දෙක හෝ තුන වස යෙන් වැඩි විය හැකි බවයි.
අනතුරු නිසා රෝහල් ගත වන පිරිසට අමතරව වෙනත් විවිධ ක්‍රම මගින් ප්‍රතිකාර ලබන පිරිස මිලියන තුනක් හතරක් පමණ ද සිටින නිසා හදිසි අනතුරු වලින් සිදු වන විනාශය රටට, සමාජයට, ආර්ථිකයට ද බර පතල ආකාරයට බලපාන බව පෙන්වා දිය හැකි යි.
ලංකාවේ වසරකට 1 40 000 ක් 150 000 ක් පමණ මිය යන බව පෙන්වා දිය හැකි යි. මේ මිය යන පිරිස අතරින් සියයට 7 ක් පමණ අනතුරු නිසා ජීවිතක්ෂයට පත් වෙනවා.
ලංකාවේ සෑම වසරක දීම 12 000 ක් පමණ හදිසි අනතුරු නිසා මිය යන අතර සෑම පැය තුනකට වරක් හතර දෙනෙකු මිය යන්නේ අනතුරු වලින් බව පෙන්වා දිය හැකි යි.
මෙයට අමතරව දවසකට ලංකාවේ 35 විතර මිය යන්නේ අනතුරු නිසා ය. මේ මිය යන පිරිස අතරින් වයස අවුරුදු 15 ක් හා 45 අතර පිරිසක් වීම රටට බර පතල සමාජ ආර්ථික තත්ත්වයකට මුහුණ දිය හැකි වෙනවා.
අනතුරු වැඩි වන කාලය මේ අවුරුදු සතියයි. 2023 දී අවුරුදු සතිය තුළ අනතුරු සිදුව ඇති ප්‍රමාණය 22 000 ක් 24 000 ක් පමණ වෙනවා. නමුත් මේ පසුගිය වසර වල දැකිය හැකි වූ යේ මෙම පිරිස 24 000ක් පමණ වන බව යි. නමුත් අවුරුදු කාලයේ දී මෙම පිරිස සතියකට 28 000 ක් පමණ වෙන බව ද පෙන්වා දිය හැකි යි.
රටේ සෑම සතියකටම අනතුරු නිසා 40 කට අධික පිරිසක් මිය යන අතර අවුරුදු සතියේ දී මෙම පිරිස 75 ක් හෝ 100 දක්වා වැඩි වෙන ආකාරයක් දැකිය හැකි යි. අනතුරු සිදු වන කාලය පිළිබඳව දත්ත සදහන් කරන්නේ සාමන්‍ය දවසක අනතුරු සිදු වන්නේ දහවල් දවසට යි. නමුත් මේ අවුරුදු කාලයේ දී අනතුරු සිදු වන්නේ රාත්‍රී හා හිමිදිරි පන්දර වීම ද දැකිය හැකි යි.
ලංකාවේ සිදු වන අනතුරු දෙස බැලීමේ දී රිය අනතුරු අඩ දඹර, සතුන් සපා කෑම, දියේ ගිලීම හා නිවාස ආශ්‍රිතව අනතුරු බව පෙන්වා දිය හැකි යි. සාමාන්‍ය දිනය කදී වැඩි පුරම අනතුරු සිදු වන්නේ නිවෙස් තුල යි. නමුත් මේ අවුරුදු සමයේ අවුරුදු සතිය තුළ අනතුරු සිදු වන්නේ මහ පාරේ වීම පෙන්වා දිය හැකි යි.
වසරේ අනතුරු සිදු වන ක්‍රමය තුළ වෙනදාට අනතුරු වලින් අත් පා වලට සිදු වන හානිය වැඩි නමුත් අවුරුදු කාලයේ දී අනතුරු වලින් හිසට සිදු වන අනතුරු ප්‍රමාණය වැඩියි. මේ නිසා මේ අවුරුදු සමයේ දී සැලකිල්ලෙන් පරිසමින් සිටින්න යැයි ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.