අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල සැරසිලි ඉවත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එම කොමිසම සඳහන් කරන්නේ, පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් ඡන්ද කාර්යාලයක වු ව ද එම කාර්යාල හැදින්වීම සඳහා වූ වර්ග අඩි 60 නො ඉක්ම වූ ප්‍රචාරක පුවරුව හැර අන් සියලු ප්‍රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශන 03 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසු ප්‍රදර්ශනය නොකළ යුතු බව ය.
මෙයට අමතරව අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ ප්‍රදර්ශනය කරන ප්‍රචාරක දැන්වීම් හා වෙනත් කිසිදු අයුරක ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් පසු සිදු නො කළ යුතු බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් නිවේනදය කර සිටි යේ ය.