ලෝක වෙළෙද ප්‍රවනතා හමුවේ දේශිය කර්මාන්ත කරුවන් ආරක්ෂා කරමින් කර්මාන්ත කරුවන්ට පහසුකම් සැපයීමේ විනිධිධ දැකිය හැකි නීතිමය රාමුවක් ස්ථාපිත කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංව ර් ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව ලෝක නව වෙළඳ ප්‍රවනතා හමුවේ දේශිය කර්මාන්ත කරුවා දේශිය කර්මාන්ත හා සේවකයින් ආරක්ෂා කිරීමේ සුරක්ෂිත නීතිමය පියවරග් හදුන්වා දී ඇති බව ද ඒ මහතා කීය.
(19) දින කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙම නවතම නිතී රිති පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
මෙම අවස්ථාවට ලංකාවේ ආර්ථිනය මෙහෙයවන සියලුම රාජ්‍ය ආයතන නිලධාරින් ව්‍යවසායකයන් ආදි කොට ඇති පිරිසක් එක්ව සිටියහ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති වරයා මෙසේ ද කීය.
කර්මාන්ත කරුවන් ආරක්ෂා කරන්නට දැනට නව පනත් දෙකක් සම්මත වී තියනවා. ප්‍රපාතන විරෝධි හා ප්‍රතිතෝලන බදු පනත( 2018 / අංක 02) හා ( 2028 අංක 03) යන කර්මාන්ත කරුවන් ආරක්ෂක පනත් ලංකාවේ නීති රාමුව දේශිය කර්මාන්ත වලට හදුන්වා දී තියන බවද ඒ මහතා කීය.
2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී හා ප්‍රතිතෝලන බදු පනත යටතේ වන රෙගුලාසි ප්‍රසිද්ධියට පත් කිරිම මෙහිදි සිදු වන බවද ඒ මහතා කීය.
අසාධාරණ වෙළඳ ක්‍රියාමාර්ග හේතුවෙන් සහ ආනයන ඉහළ යාමෙන් දේශීය කර්මාන්ත වලට ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ට එරෙහිව පියවර ගැනීමේ අභිලාශයෙන් වෙළඳ ප්‍රතිකර්ම නීති හඳුන්වා දී ඇති බවද ඒ මහතා කීය.
ප්‍රපාතන විරෝධී බදු පැනවීමේ මූලික හරය වන්නේ විදේශ රටවල නිෂ්පාදිත භාණ්ඩ එකී නිෂ්පාදිත සිදුකෙරෙන රටෙහි වෙළඳපොළට සැපයෙන මිළට වඩා අඩු මිලකට ශ්‍රී ලංකාවට සැපයීම හේතුවෙන් ඇති විය හැති අසාධාරණ තරඟකාරී මිල නිෂේධනය කිරීම සඳහා ඉඩකඩ සැලසීම සිදු වන බවද ඒ මහතා කීය.
ප්‍රතිතෝලන බදු පැනවීමෙන් අරමුණු කෙරෙනුයේ විදේශ රටවල විවිධ ආර්ථික අංශයන්ට සැපයෙන නිෂ්පාදන සහ අපනයන සහනාධාර හේතුවෙන් ඉන් ලැබෙන මූල්‍යමය වාසි හේතුකොටගෙන ශ්‍රී ලංකාවට අඩු මිලට භාණ්ඩ ආනයනය කෙරෙන අවස්ථාවන්හිදී ඇතිවිය හැකි හානිකර තත්ත්වයන්ගෙන් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සිදු වන බවද හෙතෙම කීය.
ආරක්ෂණ පියවර අනුගමනය කිරීමෙන් අපේක්ෂා කෙරෙනුයේ විශාල වශයෙන් විදේශීය භාණ්ඩ රට තුළට ගලා ඒම නිසා ඇති විය හැකි අධික තරඟකාරිත්වය නිසා ඇති වන හානි වලක්වා ගැනීමට දේශීය නිෂ්පාදන කරුවන් වෙනුවෙන් පියවර ගැනීමයි.
ඒ අනුව 2018 මාර්තු 19 වන දින 2018 අංක 2 ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ 2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදුව සහතික කරන ල බවද ඇමති වරයා කීය.
වෙළඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් මෙම පනත් දෙක 2020.10.19 දින සිට බලාත්මක කරන ලදී. මෙම නීති දෙක ක්‍රියාත්මක කිරීම දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති අතර ආනයන ආශ්‍රිත අසාධාරණ වෙළඳ භාවිතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යවස්ථාපිත නීති නොමැතිව අපේ රට දීර්ඝ කාලයක් පැවැති බවද ඔහු කීය.
මෙම පනත ක්‍රියාත්මක කිරීම තුළින් අසාධාරණ වෙළඳ කටයුතු හේතුවෙන් අගතියට පත් වන දේශීය කර්මාන්ත කරුවන්ට ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස වාණිජ අධ්‍යක්ෂ ජනරාල් වරයාට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙන බවද හෙතෙම කීය.
එම ඉල්ලීම් සලකා බලා අදාළ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරිමට අවශ්‍ය පියවර ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ක්‍රියාත්මක කළ හැකි බවද ඇමති වරයා කීය.
2018 අංක 2 ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත ක්‍රියාත්මක කිරීම සඳහා මූලික වශයෙන් දේශීය කර්මාන්තකරුවන් විසින් වාණිජ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් සිදු කරන ලෙස කළ යුතු ඉල්ලීම, එනම් අයදුම් පත්‍රය එම පනතේ 14 වගන්තිය ප්‍රකාරව අංක 2429/32 අංක දරණ ගැසට් පත්‍රය මගින් 2025.03.27 දින ප්‍රසිද්ධියට පත් කරන ලද බවද ඔහු කීය.
ඒ අනුව ප්‍රපාතනය සම්බන්ධ විමර්ශන සිදු කිරිමට හා ප්‍රතිතෝලනය සම්බන්ධ විමර්ශන සිදු කිරීමට ඉදිරිපත් කළ යුතු කරුණු ඇතුළත් ඉල්ලුම් පත් දෙක විස්තරාත්මකව මෙහි ඇතුළත් බවද ඔහු කීය.
මෙම රෙගුලාසි ප්‍රසිද්ධියට පත් කිරීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රපාතන ක්‍රියා සහ ප්‍රතිතෝලනය සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය තොරතුරු වාණිජ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත යොමු කළ යුතු ආකාරය පිළිබඳ සඳහන් වෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
එමෙන්ම විමර්ශනයන්ට භාජනය වන විදේශීය අපනයනකරුවන්ගෙන් මිල පොරොන්දුවක් ලබා ගැනීමේ කාර්ය පටිපාටිය මෙම රෙගුලාසියෙහි දෙවන කොටසට ඇතුළත් වේ.
වාණිජ දෙපාර්තමේන්තුවේ වෙළඳ ප්‍රතිකර්ම ඒකකය, දේශීය අපනයනකරුවන් විදේශීය වෙළඳ ප්‍රතිකර්ම විමර්ශනයන්ට මුහුණ දෙන අවස්ථාවන්හි දී ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබා දෙමින් විදේශ විමර්ශන අධිකාරීන් සමඟ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහ දේශීය කර්මාන්ත කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. මෙම නීතිමය රාමුව තුළින් ලංකාවේ කර්මාන්ත කරුවන් සත්තකින්ම ආරක්ෂාවන පරිදි කටයුතු කර ඇති බවත් දේශිය කර්මාන්ත කරුවා දේශිය ව්‍යාපාර මෙන්ම එහි සේවය කරන සේවකයාගේද උපරිම ආරක්ෂාව සුරක්ෂිත කරන්නට වත්මත් රජය මේ සියලුම නීතිමය පියවර ගෙන ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින්