ප්‍රධාන මාර් ග දෙකක සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් වලට ඇතුලත් කර තිබේ.

ඊයේ (08) උදෑසන දක්ෂිණ අධිවේගි මාර් ගයේ පාලටුව පිවිසුම ආසන්නයේ දී  වෑන් රියක් නවතා තීබු කන්ටේනර් එකක ගැටීමෙන් 12 දෙනකු තුවාල ලබා ඇත.

මොවුන් මාතර මහ රෝහලට ඇතුලත් කෙරිණි.

කටුනායක ගුවන් තොටු පොලේ සිට ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ ගමන් කර ඇත්තේ මාතර මුලටියන ප්‍රදේශයේ පිරිසකි.

රියදුට නින්දයෑම නිසා මෙම අනතුර සිදු වන්නට ඇතැයි මාලිම්බඩ පොලිසිය කියයි.

මේ අතර මාතර සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රියක් හුංගම වාඩිගල ප්‍රදේශයේ දී ලොරියකු ගැටීමේ 12 දෙනෙකු තුවාල ලබා ඇත.‍ තුවාල කරුවන් තංගල්ල මුලික රෝහලට ඇතුලත් ර තිබේ.

මින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

වේගයෙන් පැමිණි බස් රිය රියදුරට පාලනය කර ගැනීමට නො හැකිව මා ර් ග යේ  නවතා ති බූ කැබ් රියක ගැටී ඇත. රියදුරු හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.   

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න