පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයට අයත් වෘත්තික කණ්ඩායම් දෙකක් (27) උදෑසන 8 ට වර් ජ න ක්‍රියා මා ර් ය ආරම්භ කර තිබිණි.

එම වර් ජනය ට අදාළව විසදුම් රජය ලබා නො දෙන්නේ නම් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තික කණ්ඩායම් 7 ම  සම්බන්ධ කර ගනිමින් ව ර් ජන ක්‍රියා මා ර් ග ය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම්  චානක ධ ර් ම වික්‍රම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ (27) පැවති මාධ්‍ය ඒ මහතා මෙසේ ද  කීය.

රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් සහ භෞතචිකිත්සක වෘත්තිකයන් දිවයින පුරා සියලුම රෝහල්වල වර්ජන ක්‍රියා මා ර් ගය ආරම්භ කරනු ලැබුවා. පිළිකා රෝහල් මාතෘ සහ ළමා රෝහල් මධ්‍යම ලේ බැංකුව ඇතුළු විශේෂිත ඒකක වර්ජන ක්‍රියාමාර්ගයේ නිදහස් කර ඇති අතර වර්ජනය පැවැත්වෙන රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ස්වේච්ඡාවෙන් නිලධාරීන් යොදවා තියනවා.

වර් ජනය  හේතුවෙන් සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා භෞතචිකිත්සක ප්‍රතිකාර සේවා සියල්ල මේවන විට අඩපණ වීම වි තියනවා.

එකඟතා කඩකරමින්  සෞඛ්‍ය ඇමතිවරයා අද (28)  දිනයේ පෞද්ගලික සහ විදේශීය විශ්ව විද්‍යාල වලින් උපාධියලත් උපාධිධාරින් පමණක් සේවාවට බඳවා ගැනීම සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයක් සූදානම් කර තිබෙනවා.

අද දැනට ආරම්භ කළ වර් ජන ක්‍රියා මා ර් ගය  සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් තව දුරටත් ප්‍රතිචාර නොදක් වන්නේ නම් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තික කණ්ඩායම් 7 ම  සම්බන්ධ කර ගනිමින් ව ර් ජ න ක්‍රියා මා ර් ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම්  චානක ධ ර් ම වික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න