සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන්න! වහාම කමිටුවක් පත් කරන්න!

ධීවර ඇමති!

මියගිය අනතුරට පත් ධීවරයන්ට කඩිනමින් සහන දෙන්න ජනපති උපදෙස්!  

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් වහාම කමිටුවක් පත්කර මියගිය හා අනතුරට පත්  ධීවරයන්ට මෙන්ම යාත්‍රාවලට වන්දි ගෙවීම ආදි කොට කටයුතු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

මෙම දරුණු සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වන අතර අතුරුදහන් වූ ධීවරයින් සොයා ගැනීම සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සහන සැලසීම සඳහා සියලු පියවර ගන්නට ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදු කරන බව ද හෙතෙම කීය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ පැවසීය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වන බවත්, අතුරුදහන් වූ ධීවරයින් සොයා ගැනීම සහ අදාළ සහන සැලසීම සඳහා සියලු පියවර ගන්නා බවත්,ධීවර ප්‍රජාවේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටිනවා.  

මෙවැනි අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ගන්නවා. අතුරුදන් වු ධීවරයන් සේවිම සඳහා නාවික, ගුවන් හමුදාව මේ වන විට මෙහෙයුම් දියත් කර තිබෙනවා.

දෙවුන්දර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය MTR 263 දිනේෂ් 4 බහු දින යාත්‍රාව වාණිජ නෞකාවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් යාත්‍රාව තුළ සිරවී සිටි ධීවරයෙකු මේ වන විට සාර්ථකව මුදා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් දිවි බේරාගත් ඔහු නාවික හමුදා යාත්‍රාවක් මගින් ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු රෝහල් ගත කර ප්‍රතිකාර දීමට කටයුත සිදුකර තියෙන බවත්  ඔහුගේ තත්ත්වය යහපත් බව ද වාර්තා වෙනවා.

අනතුරට පත් යාත්‍රාවේ සිටි අනෙක් සිව්දෙනා සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (29) උදෑසන 7:30 සිට සෝදිසි මෙහෙයුම් සහ කිමිදුම් කටයුතු අඛණ්ඩව සිදු කරන බවත් මෙම බිහිසුණු සිදුවීම ගොඩබිම සිට සැතපුම් 20ක් පමණ ඈත වෙළෙඳ නෞකා ගමන් මාර්ගයක සිදු වී ඇති බව ද ඒ මහතා කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න